fbpx
13.9 C
New Zealand
Friday, October 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සංක්‍රමණිකයාගේ තීරුව – බංග්ලාදේශයේ තත්ත්වය පැහැදිලි කිරීමක් | යසසි ගුණරත්න | වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පසුගිය දිනවල  බංග්ලාදේශයේ ඩකා අගනුවර ෂාබාග් චතුරශ්‍රයේ දී අගමැති ශීක් හසීනාට ඉවත් වන ලෙස ඉල්ලා    පැවැත් වූ පෙළපාලි අතරතුර ආරක්ෂක නිලධාරීන් සහ පෙළපාලිකරුවන් අතර ගැටුම් උත්සන්න වී  පුද්ගලයෝ  90 කට වැඩි පිරිසක් මිය ගියහ.

ආරම්භයේ දී විරෝධතාකරුවන්  වෙත පොලිසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිරාජ්ගන්ජ් හි වයඹ දිග දිස්ත්‍රික්කයේ පෙළපාලිකරුවන් පොලිස් ස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළ අතර අවම වශයෙන් නිලධාරීහු 13 දෙනෙක්වත් මිය ගියහ. පසුව ඩකා නගරයේ   ‘දුටු තැන වෙඩි තැබීමට’ ඇඳිරිනීතිය පැනවූ අතර නීතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලිස් හා හමුදා වීදි පුරා විසිරී සිටියෝය. නමුත් ඇඳිරිනීතිය  නොතකමින් දහස් ගණන් ජනයා සඳුදා අලුයම නැවත විරෝධතා පෙළපාලි ගියහ.

විරෝධතා ඇතිවීමට හේතුව

2018 වසරේ විමර්ශනය කරන ලද රැකියා කෝටා යෝජනා ක්‍රමයක් උසාවිය විසින් නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් සිසුන් විසින් මුලින් පෙළපාලි ආරම්භ වූයේ ඩකාහිදීය.  මෙමෙ කෝටා ක්‍රමය යටතේ  1971 පකිස්ථානයෙන් නිදහස් වීමේ යුද්ධයේ සටන් වැදුණු සොල්දාදුවන්ගේ පවුල් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කර ඇත.  එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් හසීනාගේ අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් ය. එසේම මෙම කෝටා ක්‍රමය යටතේ රජයේ රැකියාවලින් තවත් සියයට 26ක් කාන්තාවන්, ආබාධිත පුද්ගලයන් සහ වාර්ගික සුළු ජාතීන් සඳහා වෙන් කර ඇති අතර උපාධිධාරීන් 400,000ක් පමණ තරඟ කරන සිවිල් සේවා විභාගයට තනතුරු 3,000ක් පමණ විවෘත කර ඇත. බංග්ලාදේශයේ සම්පූර්ණ ජනගහනය  මිලියන 170 ක් පමණ වන අතර මින් පහෙන් එකක් රැකියා විරහිතය.

හසීනා ආන්ඩුව විසින් විරෝධතාකරුවන් ‘රසාකාර්’ ලෙස හැඳින්වීමත් සමඟ විරෝධතාවන් තවත් උත්සන්න විය. (1971 යුද්ධයේදී පකිස්තානය සමඟ සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයන් ගැන “රසාකාර්” ලෙස හඳුන්වයි).

රට පුරා පැවැත් වුණ නොසන්සුන්තා නිසා  පසුගිය  ජුලි 10 සිට ජූලි 20 දක්වා කාලය තුළ 180 කට වැඩි පිරිසක් මිය ගියහ. විරෝධතාකරුවන් ජාතික රූපවාහිනී මධ්‍යස්ථානය  ඇතුළු රජයේ ගොඩනැගිලිවලට ගිනි තබා දේපළ විනාශ කළ බව පොලිසිය පවසයි.

පසුගිය  ජූලි 21 දා අධිකරණය විසින් රැකියා කෝටා ක්‍රමය සංශෝධනය කරමින්, රැකියාවලින් සියයට 93ක් කුසලතා මත අපේක්ෂකයින්ට විවෘත වන බවට තීන්දු කළේය. නමුත්  සිසුන් සහ අනෙකුත්  ජනතාව  නව විරෝධතාවන්ට එක්රැස් වීමත් සමඟ විරෝධතා නොනැසී පැවතුනි. ඔවුන් මරා දැමූ අයට යුක්තිය ඉල්ලා හසීනාට ඉල්ලා අස් වෙන ලෙස  බල කරන ලදි.

හසීනා සහ ඇගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් විසින්  ඔවුන්ගේ විරුද්ධ බලවේග විරෝධතාවලට ඉන්ධන සපයන බවට චෝදනා කළ අතර පසුගිය ඉරිදා හසීනා  විරෝධතාකරුවන් “ත්‍රස්තවාදීන්” ලෙස හැඳින්වූවා ය.

හසීනා ජනප්‍රිය නොවූයේ ඇයි?

ලොව දීර්ඝතම රාජ්‍ය  කාන්තා නායිකාව වන 76 හැවිරිදි හසීනා බංග්ලාදේශයේ ආරම්භක පියා වන ෂීක් මුජිබර් රහ්මාන්ගේ දියණියයි. ඇය 1996 දී ප්‍රථමවරට අගමැති ලෙස තේරී පත් වූ අතර 2009 දී නැවත වරක් බලයට පත්වී 20 වසරක් ධූරයේ කටයුතු කළාය.

හසීනා මේ වසරේ මැතිවරණයෙන් සිය සිව්වන වරටත් ජයග්‍රහණය කළ ද  ඇයගේ විරුද්ධ බලවේග  අතුරුදහන් කිරීම් සැලසුම් කිරීම සහ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය. හසීනා එම චෝදනා ප්‍රතික්ෂේ කළාය.

නමුත් ජූලි මාසයේදී  විරෝධතාකරුවෝ   විසින් ‘එක, දෙක, තුන, හතර, ෂෙයික් හසීනා ඒකාධිපතියෙක්’ යැයි කෑගසමින් කියා සිටියෝය.

මේ වන විට හසීනා බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති අතර  සිය සහෝදරිය සමඟ ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ අගනුවර වන අගර්තාලා වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Ngā mihi nui

යසසි ගුණරත්න – වෙලිංටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.