fbpx
6.7 C
New Zealand
Monday, October 14, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වියපත් මා-පිය වන්දනා | ශ්‍රී ලන්කන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තය පුරාම නොමිලේ බෙදා හරින ‘ශ්‍රී ලංකන්ස්’  මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පළවන එකම පුවත්පතය. එය රජයේ ලියාපදිංචි පුණ්‍යධාර ආයතනයකි. ‘වියපත් මා-පිය වන්දනා’ යන ව්‍යාපෘතිය අප පුවත්පත අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන නව ප්‍රජා සත්කාරයකි.

මෙහිදී, පළමුව අපි ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යන වයෝවෘද්ධ දෙමාපියන් වෙනුවෙන් ඇති ප්‍රජා ව්‍යාපෘතීන් තෝරාගෙන ඒ ගැන අපගේ කලාප මගින් නවසීලන්ත ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන්නෙමු. ඊට පසු ලැබෙන පාඨක ප්‍රතිචාර හා අනුග්‍රහයන් ඒ ඒ ආයතන වෙත යොමු කරන්නෙමු.

පළමුව මුල්ලේරියාව මානසික රෝහලේ වයෝවෘද්ධ මව් පියන් වෙනුවෙන් පවතින  ‘මනෝ-වයෝවෘද්ධ ඒකකයට’ අපගේ අනුග්‍රහය දැක්වීමට කැමැත්තෙමු. නවසීලන්තයේ පදිංචි පරිත්‍යාගශීලී සම්පත් ලාභීන් මව්බිමෙහි දැනට අඩු අවධානයක් යොමුව ඇති මෙම ඒකකය හා සම්බන්ධ කරදීම අපේ අරමුණය.

මෙම කටයුත්තට තමන් කැමති මට්ටමකින් ඉදිරිපත් විය හැකි  පරිත්‍යාගශීලීන් කරුණාර අප පුවත්පතට දන්වන්නේ නම් කෘතඥ වෙමු.

එම පුණ්‍ය කර්මය ඝෘජුවම ඔබට හෝ ඔබගේ ලංකාවේ පදිංචි ඥාතින්ට විසින්ම කර ගැනීමට අවශ්‍ය සම්පුර්ණ සම්බන්ධීකරණමය අනුග්‍රහය අප පුවත්පත විසින් ඔබට සැලසෙනු ඇත.

එමෙන්ම, ‘මුල්ලේරියාව ‘මනෝ-වයෝවෘද්ධ ඒකකයේ’  මාපියන්ට  කළගුණ සැලකීම පිළිබඳව ඔබගේ අදහස් හා යෝජනාද අපවෙත එවන්නේ නම් කෘතඥවෙමු.

වැඩි විස්තර සඳහා…

හර්ෂ- 021 057 7257

ප්‍රතාප්-  021889283

 ‘ශ්‍රීLankanz’ – Sri Lanka Charitable Trust (NZBN9429051171605) info@srilankanz.co.nz, www.srilankanz.co.nz 

මෙම වයෝවෘද්ධ රෝගීන් සඳහා පහත සඳහන් අඩුපාඩු කඩිනම්න් සපුරාලීමට අවශ්‍යතා ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් සොයා ගැනීමට අප මෙම ව්‍යාපෘතියේ ප්‍රථම පියවර වෙයි.

  • වැසිකිලිවල ඇති squatting fans හා කොමඩ් (10 ක් පමණ)  කැඩී බිදී ඇත.
  • වැසිකිළි 10ක පමණ දොරවල් කැඩී ඇත. ඇතැමෙක දොරවල් නැත.
  • වැසිකිළි හා නාන කාමරවල අත්වැටවල් නැත. අනාරක්ෂිතය.
  • දැනට පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් පුටුය. ඒ වෙනුවට ආරක්ෂාකාරී පුටු 20ක් පමණ අවශ්‍යව ඇත.
  • එක් වාට්ටුවක සීලිමක් නැති බැවින් උෂ්ණාධික දිනවල රෝගීහු මහත් පිඩාවට පත්වෙති.
  • විදුලි පංකා අබලන්වී ඇති බැවින් දැඩි රස්නයක් වාටිටු තුළ ඇත.
  • සෞඛ්‍යයට සුදුසු වන පරිදි වාට්ටු පිංතාරු කර ගත යුතුය.
  • මෙම වයෝවෘද්ධ රෝගීන් සඳහා පහත සඳහන් අඩුපාඩු සපුරාලීමට පරිත්‍යාගශීලීන් සොයා ගැනීමට අප මෙම ව්‍යාපෘතියේ ප්‍රතම පියවර වෙයි.

මේ සදහා ඉදිරිපත් වන කවර මට්ටමේ පරිත්‍යාගයක් වෙනුවෙන් වුව අවශ්‍ය  සම්බන්ධීකරණය සලසා දීමට අපි කැමැත්තෙමු.

-ශ්‍රී ලන්කන්ස්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.