fbpx
25.1 C
New Zealand
Thursday, November 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ, වයෝවෘද්ධ ඒකකය – ශ්‍රී ලංකාව | විභවි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර විශාදය (depression ), කාංසාව (anxiety) හා ඩිමෙන්ෂියාව (dementia) වැනි මානසික රෝග ඇතිවීම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. මෙවැනි රෝගවලින් පෙළෙන වැඩිහිටියන් නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමෙන්ද ඖෂධ ප්‍රතිකාර මෙන්ම හෙද හා අනෙකුත් සත්කාර මනාව ලබා දීමෙන්ද ඔවුන්ගේ ජීවිත කාලය දිගු කිරීමට පමණක් නොව ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටද හැකි වේ.

වයෝවෘද්ධ එම මාපියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ඔවුන් රැකබලා ගැනීම සඳහා යම් පුහුණුවක් අවශ්‍යය. මෙම වැඩිහිටියෝ බොහෝ දෙනා එම රෝග තත්ත්වයන් හේතුවෙන් තම වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙති.

විශේෂයෙන්ම ඩිමෙන්ෂියා රෝග තත්ත්වයේ දී නිතර අමතක වීම, සිතීමේ හැකියාව නැති වීම, කථාබහ කිරීමේ ගැටළු මතු වීම, වචන සිර වීම, පවසන දේ තේරුම් ගැනීමට නොහැකි වීම, යම් යම් දේවල් සොයා ගැනීමට නොහැකි වීම ආදී අපහසුතා මතු වේ.

මෙම කුමන ගැටළුවලින් පෙලුණත් මෙම වැඩිහිටියන් ද අනෙකුත් සෑම කෙනෙකුම මෙන් හැඟීම්, සංවේදනා, සිතුවිලි හා රුචි අරුචිකම් ඇති අය බව අමතක නොකළ යුතුය. ඔවුනට ද අන් සෑම කෙනෙකුම මෙන් ආදරය, රැකවරණය මෙන්ම ගෞරවය ද අවශ්‍ය වේ.

මෙම වැඩිහිටියන් අපේ මව්පියන්ය. එසේ නැත්නම් ඥාතීන් හෝ මිතුරන් විය හැකිය. වයසට යාමත් සමග මොළයේ නියුරෝන සෛලවලට  හානි සිදු වීම අරුම පුදුම දෙයක් නොවේ. තරුණ අයට තවත් කාලයකින් ද වැඩිහිටි අයට හෙට අනිද්දාද එවැනි රෝග තත්ත්වයක්  ඇති නොවේ යැයි කිසිවෙකුටත් සහතිකයක් දිය නොහැකිය. එබැවින් අපිටත් ස්වභාවිකව උරුම වන මෙවැනි මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් දෙස බැලිය යුත්තේ කාරුණාබර සිතින් මිස උපහාසයෙන් නොවේ.

මෙම රෝග තත්ත්වයන් වර්ධනය වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇත. එනිසා නිවසේ දී රැක බලාගත නොහැකි රෝගීන් රැක බලා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

මානසික සෞඛ්‍ය සේවා විශේෂයෙන් ප්‍රජා පාදක මානසික සෞඛ්‍ය සේවා ලබාදීම වෙනුවෙන් කැපවීම රජයක් විසින් කළ යුතුය. මිල අධික, ගුණාත්මක ඖෂධ හා පහසුකම් අවශ්‍ය වන මානසික රෝගයන් සමග ජීවත්වන මව්පියන්ට  සිය ජීවිතය පහසු කිරීමට අවශ්‍ය මූල්‍යමය සහ නෛතික ප්‍රතිපාදන සැලසීමත් ජාතික ප්‍රතිපත්ති සැකසීමේ දී ඔවුන් ගැනද  සිතා කටයුතු කිරීමත් රටේ, සමාජයේ හා සබුද්ධික පුරවැසියන්ගේද වගකීමකි.

ආර්ථික දුෂ්කරතා ඇති රටවල, මෙම සියලු පහසුකම් රජය මගින් සපයා දීම අපහසු විය හැකි අතර එම පහසුකම්වල අඩුපාඩු ඇති විට ඇති හැකි පරිත්‍යාගශීලීන් එම මව්පියන් වෙනුවෙන් ඇප කැප වීම මහත් පුණ්‍යකර්මයකි.

මුල්ලේරියාව නව නගරයේ පිහිටා ඇති ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වයෝවෘද්ධ මානසික රෝගීන් වෙනුවෙන්ම වෙන්වූ අංශය, එහි යන අයකුගේ සිත් කම්පිත කරවන දසුනකි.

-විභවි

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.