තැබෑරුමේ සියල්‌ලෝම මධුවිත පදමට ගෙන සිටයහ. කිහිප දෙනෙක් අත්පුඩි ගසමින් ගායනයක් අග මුල අල්ලමින් සිටියහ. හදිසියේ මොබයිලය නාද වූයෙන් ජෝන් එය අතට ගත්තේ ය.
‘ආනේ ඔයා ඉන්නෙ ජිම් එකේද?’ ඇය ඇසුවාය .
‘ඔව්.’ ජෝන් උත්තර දුන්නේය.
‘පැෂන් හවුස් එකේ තියනවා අලුත්ම ඩිසයින් එකේ බ්ලවුස් එකක්. ගන්න ද මම කියලා අහන්න…’
‘කීයද?’
‘චූට්ටක් නං වැඩියි. ඒත් ඇන්දම මම ඩයනා වගෙයි. පහළොස් දාහයි. ඔයාගෙ කාඩ් එක මා ගාව.’
‘කමක් නෑ ගන්න.’
ටික වෙලාවකින් නැවත මොබයිලය නාද වීය.
‘මට කියන්න බැරි වුණා. අරුසියාස් ජුවලරි එකේ තියනවා මාලයක්. හරිම ලාභයි. කැරට් විසි දෙකක්. ෂාහ්.අනේ.’
‘ගාන?’
‘එක්ලක්ෂ තිස්පන්දාහයි. ඒක විසිපහට දෙන්නම් කිව්වා. ඔයා නිසා.’
‘කමක් නෑ. ආස නං ගන්න.’
‘ආනේ. ඔයා හරි ෂෝක්. පරක්කු නැතුව ගෙදර එන්න’
‘හරි.’ ජෝන් උත්තර දුන්නේය.
ටික වෙලාවකින් නැවත මොබයිලය නාද වුණේ ය.
‘ඒ් දෙකම ගත්තා. ආනේ මේ…’ ඇය ටිකක් ඇද පැද කතා කළා ය.
‘ඇයි ඒ් ගමන?’
‘මතකද අපි බැලුව කා එක? තව එකක් ඇවිත්
අලුතින්. බ්‍රෑන්ඩ් නිව්. ඔටෝ ඉලෙක්ට්‍රික්, ෆුල් ඔප්ෂන්.’
‘ඉතිං?’
‘ළමයා වගෙයි. තව තුන්දෙනෙක් බල බල ඉන්නවා. දැන් වෙන්දේසියෙ දානව.’
‘ඉතිං?’
‘ගමුද? මං බැලුවා. ඔයාගෙ ගිණුමෙ වෙලාවට සල්ලි තියනවා.’
‘පාඩු නෑ නෙව?’
’නෑ අනේ. වෙන්දේසියෙ ගියොත් අඩුම ගානෙ ලක්ෂ 75ට යයිලු. කෑෂ් නං 65ට දෙන්නං කිව්වා.
‘හා කමක් නෑ. ගන්න’ ජෝන් කීවේය.
සියල්ලෝම එකතු වී සිංදුවක් ගායනය කළෝය. එය තුරල් වන විට ජෝන් මේසයට තට්ටුවක් දැම්මේය.
‘කාගෙද මේ ෆෝන් එක?’ අත වූ මොබයිලය උස්කර පෙන්වමින් ජෝන් අසා සිටියේය.
– ශ්‍රි ලංකන්ස්