පසුගිය මාර්තු මාසය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී කාල වකනාවුවක් විය. එනම් තම රට නියෝජනය කරමින් පාපන්දු හා පැසිපන්දු කණ්ඩායම් ලත් ජාත්‍යාන්තර ජයග්‍රහණයි.
ෆිෆා සීරීස් පාපන්දු තරගාවලියේ තරගයක් වූ, මාර්තු 25වන දා ශ්‍රී ලංකාව හා භූතානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් අත් විය. කොළඹ තුරඟ තරග පිටියේදී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව 2-0 වශයෙන් භූතානය පරාජය කළේය. මෙම නව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂත්වයක් වූයේ යුරෝපීය සමාජවල ක්‍රීඩා කරන තරුණයන් විශාල පිරිසකගෙන් සමන්විත වීමයි. මෙම තරගයේ සිදු වූ තවත් සුවිශේෂී දෙයක් නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වූ මොහොමඩ් ෆසාල්ගේ සමුගැනීමයි. ෆසාල් විශ්‍රාම යාම පාඩුවක් වුවත් යුරෝපීය පලපුරුද්ද ඇති නවකයන් කෙරෙහි අපට විශාල බලාපොරොත්තු තබා ගත හැක.
එමෙන්ම මාර්තු 27-31 අතර සිංගප්පූරුවේ පැවති ත්‍රී බයි ත්‍රී ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණ අත්පත් කර ගත්තේය. ඉන්දුනීසියාව, දකුණු කොරියාව, උතුරු මරියානා දූපත් යන කණ්ඩායම් පැරදූ ශ්‍රී ලංකා පිල දෙවන වටයට සුදුසුකම් ලැබීය. එහිදී මොංගෝලියාව හා තායිලන්තය ඉදිරියේ පරාජයට පත්වීම නිසා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබුවත් මේ ලද කීර්තිය ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අමතක නොවන සංධිස්ථානයක් වනු නිසැකය.
ඡායාරූප: Daily News පුවත්පතෙන්
තුලිත අභයවර්ධන, ඕක්ලන්ඩ්