fbpx
12.5 C
New Zealand
Thursday, November 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Masters හොකී ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා පිළ | තුලිත අභයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ දිනවල ඕක්ලන්ඩ් නුවර විශේෂ ක්‍රීඩා උළෙලක් පැවැත්වේ. එනම් Masters හොකී ලෝක කුසලාන තරගාවලියයි. මෙහි ඇති විශේෂත්වය නම් මෙම තරගාවලියේ ක්‍රීඩා කරන්නේ දැනට හොකී ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබා සිටින ක්‍රීඩකයන් වීමයි.

මෙහිදී වයස අවුරුදු 45න් ඉහල සිට 70න් ඉහල දක්වා කණ්ඩායම් තරග වදින අතර ශ්‍රී ලංකා පිළ තරග වදින්නේ 45න් ඉහල ඛාණ්ඩය යටතේය. වසර දෙකකට වරක් පැවත්වෙන මෙම ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ඕක්ලන්ඩ් නුවර North Harbour Hockey Association ක්‍රීඩාංගනයේදීය. මෙහි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 16වන දිනයි.

දැනට ශ්‍රී ලංකා පිළ කිසිදු තරගයක් ජයගෙන නොතිබුනද නෙදර්ලන්තය, එක්සත් ජනපදය හා ඕමානය වැනි ප්‍රබල කණ්ඩායම් සමග තියුණු තරගයක් දුන් බව කණ්ඩායම් කළමණාකාර මොහොමඩ් මුවීන් මහතා විසින් අවධාරණය කරන ලදී.

මින් පෙර ලෝක කුසලාන හා ඔලිම්පික් රන් පදක්කම් දිනූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත නෙදර්ලන්ත කණ්ඩායමට ගෝල 3-1 වශයෙන් තියුණු තරගයක් දීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. මෙහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා පිළ පැරදුනද නෙදර්ලන්තය විසින් නොනිල තරගයේ වීරයා ලෙස ගෝල රකින ක්‍රීඩක අමිල පෙරේරා නම් කිරීමය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය යෙදී ඇත්තේ මලයාසියාව සමග නොවැම්බර් 15වන දින පෙරවරු 8.15ටය.

කණ්ඩායමේ ප්‍රධාන ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කල පරිදි පැරණි ක්‍රීඩකයන් නැවත සහභාගී කරගැනීම තුලින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් වඩාත් යහපත් වී ඇත. වසර 2015දී ශ්‍රී ලංකා Masters හොකී ආරම්භ කල අතර පසුව ගෝලීය Masters හොකී සංගමයට බැඳීම හරහා 2018 හා 2022 ලෝක කුසලාන තරගවලටත් සහභාගී වීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාව ලැබී ඇත.

දේවේන්ද්‍ර හා මුවීන් යන මහත්වරුන් දෙදෙනාම අවධාරණය කර සිටියේ අනුග්‍රාහකයන්ගේ හා රජයේ සහයෝගය ලැබීම අභියෝගාත්මක වුවත් කණ්ඩායම් සාමාජිකයන්ටම අවශ්‍ය වියදම් දැරීමට හැකියාව ඇති බවය. තරග ජයගැනීමටත් වඩා ඔවුන් තම ප්‍රධාන අරමුණ ලෙස දකින්නේ මෙවැනි ක්‍රීඩා සංචාරයන් හරහා ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේ යහපත් අවධානය, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් දිනා ගැනීමයි. එබැවින් එම රටවල ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවටද තම මව්රට ප්‍රවර්ධනය කිරීම සඳහා මහඟු අවස්ථාවක් ඔවුන් සපයනු නිසැකය.

තරග සඳහා වැඩි විස්තර පහත link එකෙන් ලබාගත හැක.

https://www.hockeymastersworldcup.tv/en/home?up=0&pp=0

තුලිත අභයවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.