fbpx
9.2 C
New Zealand
Monday, July 1, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිම ශ්‍රී ලංකාව වාර්තාගත එක්දින ක්‍රිකට් ජයග්‍රහණයක් කරා ගෙන යයි | දිල්හාන් අතපත්තු | වෙලින්ටන්

Must read

දක්ෂතාව කැපවීම සහ අධිෂ්ඨානය පිළිබඳ ඓතිහාසික ප්‍රදර්ශනයක්   ඉදිරිපත් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 17 වන දින දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවේ පොට්චෙෆ්ස්ට්‍රූම්හිදී පැවැති තරගයේදී   ලෝක කාන්තා  එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සාර්ථක ලකුණු හඹායාම සම්පූර්ණ කරමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. දකුණු අප්‍රිකාව විසින් ලබාදුන් ලකුණු 302ක දැවැන්ත ඉලක්කයකට මුහුණ දුන් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උපන්දුවාර 44  පන්දු 3කදී   විකට් 4 පමණක් දැවී ලකුණු 305 ලබා ගනිමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. 

මෙම තරඟයේදී විශිෂ්ට නායකත්ව ඉනිමක්  ක්‍රීඩාකළ ශ්‍රී ලංකා නායකා  චමරි අතපත්තු පන්දු 139දී  නොදැවී ලකුණු 195ක් රැස්කරමින් ජාත්‍යන්තර කාන්තා  එක්දින ක්‍රිකට් තරගයකදී ලබා ගන්නා ලද තුන්වන ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව සටහන් කළාය. ඇයට වඩා  වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ නවසීලන්තයේ ඇමීලියා  කර් (232*) සහ ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා  ක්ලාක් (229*) පමණි. අතපත්තුගේ ලකුණු 195 ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩිකාවක් විසින් රැස්කර ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

මෙම ඉතිහාසගත ජයග්‍රහණය කරා යන ගමන අතිශය දුෂ්කර සහ පසුබෑම් වලින් සමන්විත විය. දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 301ක ප්‍රබල ඉලක්කයක් ලබා දෙන විට එය ශ්‍රී ලංකා කණ්ඩායමට කෙසේවත් ජයග්‍රහණය කර නොහැකි ඉලක්කයක් බව බොහෝ දෙනා විශ්වාස කළහ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය හඹායාම ආරම්භ වූයේ අතපත්තු සහ විශ්මි ගුණරත්න අතර ශක්තිමත් ආරම්භක සබඳතාවයක් සමඟින් ශ්‍රී ලංකා  කණ්ඩායමට ශක්තිමත් පදනමක් දමමිනි. පසුව හංසිමා කරුණාරත්න සහ කවිෂා දිල්හාරි ඇතුළු ප්‍රධාන කඩුලු දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමකට මුහුණ දුන්නද අතපත්තු සිය සුවිශේෂී පිතිකරණ දස්කම් විදහා  දක්වමින් අධිෂ්ඨානශීලී  ඉනිමක් ක්‍රීඩා කළාය.

වරෙක කඩුලු 4කට ලකුණු 126ක් වැනි අවිනිශ්චිත තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම  අතපත්තු සහ අගනා  ලකුණු 50කට දායක වූ නිලක්ෂිකා  සිල්වා එක්ව පන්දු 33ක් ඉතිරිව තිබියදී ප්‍රබල ජයග්‍රහණයක් කරා   රැගෙන ගිය අතර  ඔවුන් දෙදෙනා  ලකුණු 179ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දස්කම්වල ගැඹුර සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කරමිනි. එය එය ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගයකදී පස්වැනි කඩුල්ල සඳහා හෝ  ඊට පහලින් ඇති කඩුලු සඳහා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසද වාර්තාගත විය.

මෙම ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා පිලේ සාර්ථකම දකුණු අප්‍රිකානු සංචාරය ද අවසන් වන අතර එහිදී ඔවුන් T20 තරගාවලිය 2-1ක් ලෙස ජයගත් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම විය.

මෙම ජයග්‍රහණය 2025 එක්දින ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ ගමනට සැලකිය යුතු බලපෑමක් ද ඇති කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් ශූරතා වගුවේ වටිනා ලකුණු දෙකක් උපයා ගැනීමට සමත් වූ අතර එය එළඹෙන ලෝක කුසලානයට සුදුසුකම් තීරණය කිරීමේ තීරණාත්මක සාධකයකි. මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර, ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන තේරීම් තරගාවලියට ස්වයංක්‍රීයව ඇතුළත් වීමේ තරගයේ ප්‍රබල ස්ථානයක සිටී.

දිල්හාන් අතපත්තු – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.