fbpx
10.5 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කිමද මියැදුණේ ඇය… | මධුෂානි ඩයස්, විශේෂඥ මනෝ වෛද්‍ය | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

රැළි ගැහුණු සමින්-වැසි කිරි එරී ගිය ළමැදය
එල්ලා වැටුණ කුසයේ-පරණ සීසර් එකක ලකුණුය
පපුවට උඩින් හරියටම-ගැඹුරු නොගැඹුරු කැළලිය
ගිලුණු ඇස්වල තවමත්-එළියට නොආ කඳුළුය.

උදරය පලා බැලු සඳ-එක පමණටම මිශ්‍රව
දංකුඩ බත් ය, කදුළුය-ළසෝ ගින්නෙන් රත් කළ
වකුගඩු පිරී ඇත්තෙම – නොපෙරී ඉතිරි පිරිපත
දොස් පරොස් පිරිපහදු කළ – අක්මාව ඉදිමී ඇත.

ඇට කැබලි මට සිළුටු මුත් – ඇට මිදුළු හරි ගනකම
තදින් අල්ලා බැලු විට – දැඩිය එහි දරු ස්නේහය
පෙනහලු පිරී සුසුමන් – පිටව යන්නට බැරිව සිර වුණ
තව එක් වරක් පැටවුන් – සිඹිනට නොලත් හන්දම.

අවසනට හදවත – ගෙන බලමි, එය බොහො බර
ගලක් මෙන් දැඩි මුත් පිට – හරිම මෙලෙකයි ඇතුළත
වැඩිය නොපෙනෙන කෙළවරක – පැල්මක්‍ ය සවිවර අහෝ,
මරණයට හේතුව – නිසැකවම, ළය පැලීමය!

මධුෂානි ඩයස්, විශේෂඥ මනෝ වෛද්‍ය – ශ්‍රී ලංකාව

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.