වෙන්වෙලා ගිහින් අඩ සිය වසකුත් වූවා
දන්නෙම නැතුව කළු කෙස්සත් සුදු වූවා
උන් හිටි තැනත් දැක්කම අමතක වූවා
අම්මප පරණ තානම් ඇඟටම ආවා…
දුන්නට එදා එක බහ එහෙ මෙහෙ වූවා
දෙන්නට හිටිය මල අද නම් ගෙන ආවා
යන්නට එනවාද අහලා දණ ගැසුවා
වෙන්නට තියන විදිහට වෙනවා ඕවා…
සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල – ඕක්ලන්ඩ්