දේදුන්නට පාට ලැබුනෙ
අම්මට නංගීව ලැබුනෙ
පුංචි කාලෙ මහිත රිදුනෙ
හරි උත්තර නැති නිසානෙ
හිතට දැනෙන ආදරයක්
ලැබුනා මෙන් වස්තු ගොඩක්
දිව්ව ඉතින් මහා දුරක්
ලැබුනෙ නෑනෙ සැනසීමක්
විඳ ගෙන දුක් කන්ද උසට
හැදුව දරුවො බලන් සතුට
කරදඬු ටික උස් වෙන කොට
උනුත් ගිහින් හොරෙන් අපිට
පුංචි කාලෙ වගෙම තමයි
උත්තර නැති පැන විතරයි
තව හිටියත් මෙච්චරමයි
ජීවිතයම වෙහෙසකරයි
By Indra Dayamani Kolambage – Auckland