මල් පාවඩ මතින් කිරුලක් හිස රැඳුනා
රන් මිණි මුතු මාල අබරණ හැඩ කෙරුනා
තුන් සිත ඈත දුර සක්මන් කර තිබුණා
සත්පොට මාල එකිනෙක ගිලිහී වැටුනා
රන් හිරු රැසින් හසරැල් පිබිදී නැඟුනා
උයනේ තුරුලතා මල්බර වී තිබුණා
හිත්වල සෙනෙහසක් මල්වර වී ඇඳුනා
බඹරිඳු නමින් මල් කෙමියේ පැණි පිරුනා
පෙම් සුව රාජ උදහසකට මැදි වූවා
කිරුලේ රැස් වළලු ගිනි දැල්ලක් වූවා
නුඹ නැති දිවිය නිරුදක කතරක් වූවා
නුඹම සංසාරේ මා පැතුවා.
By Sandya Lekamge Iddawela