ඔබට හිරු නැගෙනවිට මට හිරු බැසයාවි
ලොවේ කොතැනක කොහේ හිටියත් හදවත් යාවී
ලෙන්ගතු කමින් ආ ගිය තැන් සිහි වී හදවත පුබුදා වී
සසරේ කවදාක හෝ හමුවෙමු සකිසඳ නොපමාවී.
හීන එකිනෙක අහුලන් මල් දමක් ගෙතුවා ඔබට
යන්න අත් අල්ලන් පෙරුම් පිරුවා පෙම් පරාදීසේට
හන්තාන කඳුමුඳුන් පහුකරන් වළාවක නැගී අහසට
එනවා ද මා එක්ක පද ගලපන්න ජීවිතේ කවියට.
නෙතු නුදුටු තත්පරය කල්පයක් හා සමයි
සිත නොලද ආදරය කඳුලකින් හද දවයි
ගත වැළඳ සනසනා පැතුමකින් හිත පිරෙයි
මතු ඔබම හමුවෙනා සිහිනයන් අපමණයි.
ප්‍රියන්ති ඕපාත – ඕක්ලන්ඩ්