දුෂ්කරය ජීවිතය නොපෙනේ යන මානය
උත්සව ද සැණකෙලි ද අඩුවකුත් නැතිසේය
ඇත්තෝ කති බොති නැත්තෝ ලේවකති එනමුදු,
සමරති මහහඩින් “නිදහසේ ” අභිමානේ
විකුණති රටේ වස්තුව තම සේසත සේම
කෑගැසුවන්ට නියමය බෝගම්බර සිරගෙදර
මේකද පුතේ නුබෙ විරුවන් බොට දුන්නේ
තාමත් පමා නැත නුබලා නැගිටිය යුත්තේ
සේද සිහින සුදූ දුන්හිදය
උස සීත නමුනුකුල ගිරිහිසය
ඔද තෙද කෙටූ සීගිරි බලකොටුව
නිල්වන් හිසින් හෙබි සිංහරාජය
මේවා විකිණුවොත් ඩොලරයට
රට කරවන්න හැකිවේ ටික කාලෙකට
කුමට ද පමාවන්නේ නැකතක් නැති කලට
විකුණාපල්ලා දේපළ සැම පිටරටට
ලැබුණත් අපට සුද්දාගෙන් නිදහසක් එදා
තාමත් යටවෙලා නොවැ මේ සොරදෙටුවන්ටා
ගත්තොත් මුළු රටක් හරි තීරණ මෙවරා
සමරමු නියම නිදහස යම් දිනක සැමා!
By Priyanthi Adihetti – Opatha