මිනිසත් නමින් අසමත් මනු දමක් ඇති
පරපණ නොවටිනා දන යම්තැනක ඇති
ගොදුරක් සොයන හැඩි දැඩි වනසපුන් ඇති
නුඹ ගැන පුතුනි හිත සසැලී සරනු ඇති
මේ මහ පොළව අපි කාටත් උරුම ඇති
ඉපදී මියෙන තුරු සැනසුම පතනු ඇති
නුඹට එරුණු කිරි කඳුලට සෙනේ ඇති
දරු දුක උපන් කාටත් දැනුනොතින් ඇති
By Sandya Lekamge Iddawela