fbpx
6.1 C
New Zealand
Tuesday, September 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

බඹර රැඟුම් | ඩී.අමරසිරි ගුණවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සිසිල් සුළං පහස රැගෙන දිනිඳු රැස් ගලා
සරන පුළුන් වළා සෙමෙන් ඇදෙන දෙස බලා
පිපෙන තඹර මල් රුසිරෙන් සතුට ඉතිරිලා
නිසල සිතුම් සසල කළේ බඹරු පියඹලා

පියා සලන විට මල් වට එදෙස බල බලා
දෙනෙත් සවන් මුසපත් වී අතරෙ සුදු වළා
අඹරෙ සරයි විනිවිද යයි පහස රස ගුලා
ඈත අනන්තේ පියඹා දිළෙයි තනි වෙලා

දිනිඳු බැස ගොසින් සඳ නැග සයනෙ වැතිරිලා
ලෙලෙන සිහින ලොව සරමින් දෙව් දුවක් වෙලා
සොයන බඹර සර නෙත් දැක මල් රේණු තලා
කඳුළු ගඟ ගලයි සෝ ගී රාවයක් වෙලා

ඩී.අමරසිරි ගුණවර්ධන – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.