විෂ්ණුලා, සමන්ලා, ගම්බාර කතරගම
නොපෙනේද
වන විපත
බුදු සසුන අනතුරේ
දැක්කාද නිරන්තර
මතබේද දස අතේ
රකින්නෙ ඔබනේද
ඇයි ඉන්නෙ නිදි ලෙසේ.
අම්බපාලිලත්
පංසල් යන්න ඇති
සුමනා සුජාතලා
දන් පැන් දුන්නු අය
සිත පැවිදි නම්
පංචස්කන්දයක් ළඟ
මහමෙර සේම නොසැලෙයි
සිතෙ බලය එයයි.
පෙර සසරේ දන් දුන්දේ
ලැබෙන්නෙ
එය වේ ලෝ දහම
දුක සැප එයි පසු පස්සේ
සැපයට නොඇලෙන්නෙ
දුක ළඟ වන අකම්පිත
බුදුමග ගියෝ මෙදහම සිත දැරු උතුමෝ
වෙනස විනාශය පිරිහුම
ස්වභාවිකයි
ඇතිවන දෙය යළි නැතිවෙයි දහම එයයි
මෙදහම දැන ගත්ත
උතුමන් මධ්‍යස්ථයි
නුබවන් මෝඩයින්
අපහට ගතු පවසයි.
සිත තුළ දරාගත් දහමය
රැකෙන්නෙ
එය සිදු කරන උතුමන්
කොතනත් ඇත්තේ
අටලෝ දමින් නුබ කම්පා
නොවන්නෙ
සිත කුණු හැර දමා දහමට
පිළිපන්නේ.
යමුනා පලිහවඩන – හැමිල්ටන්