fbpx
13.2 C
New Zealand
Friday, October 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පුද පූජා හා පරිත්‍යාග | විභාවි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කරුණු කාරණා තේරුම් ගෙන සසර දුකින් එතෙර වීමේ අදහසින් තරුණ කාලයේ සිටම දස අකුසලෙන් වැලකී සිටීමට මහන්සි ගතයුතු බව කියමින් එක් ස්වාමීන් වහන්සේ නමක්  විහාරස්ථානයට පැමිණි තරුණ මහතෙකුට අනුශාසනා කළෝය. 

මාසික වේතනය ගත් පසු දිළිදු අයට ඇදුම් පැළදුම් ආහාර ආදිය තමා ට හැකි තරමින් පරිත්‍යාග කරන බැව් පැවසූ  තරුණ මහතා බුදුන් වහන්සේට හා දෙවියන්ට පහන් දල්වාල පුද පූජා කර පිං රැස් කර මතු හොඳ ආත්මයක ඉපදේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ද පැවසීය.

පිං දහම් කිරීම හා  යමෙකුට උපකාර කිරීම යහපත් කාර්‍යයක් බවට එකග වූ ස්වාමීන් වහන්සේ  පැවසුවේ එවැන්නක් කළ යුත්තේ තමාට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොව තෘෂ්ණාව අඩුකර කෙලෙස් බැදීම් ප්‍රහීන කිරීම සදහා බව වැඩි දුරටත් වදාළ සේක. බොහෝ අය බුදු දහමේ ඇති මේ නිමල අදහස පසෙක ලා 

නොපෙනෙන බලයක්  හා දෙවියන් ට යැද සිටීමට පෙළඹී ඇති සැටි ශෝචනීය බව උන් වහන්සේ  වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියහ.

බුදුන් වහන්සේ  රාජ්‍ය පාලනය ගැන උපදෙස් දී ඇති බවද  ලෞකික ජීවිතය සැපවත් කර ගැණීමට කළ දේශනා ඇතුළත් සූත්‍ර විශාල ප්‍රමාණයක් සූත්‍ රපිටක වල ඇති බවද තරුණ මහතා කියා සිටියේ ය. අද දිනද බුදුන් දෙවියන් වැද ලෞකික සම්පත් ප්‍රාර්ථනා කිරීම බහුලව සිදු වන දෙයක් බව වැඩි දුරටත් ඔහු පවසා සිටියේ ය.

බුදුන් වහන්සේ නෙකෙුන් පහළ වී කියා දෙන්නේ ලෝකයේ තවත් අල්ලා ගැණීමට  හා මෙලොව සැප සම්පත් වැඩි කර ගැණීමට නොව අත්හැරීමට බවත් සමහර සූත්‍රවල ඇත්තේ ඇතැම් විටක ජනජීවිතය ගැන  මතු වූ පැනවලට වදාළ පිළීතුරු බවත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරදුන් සේක. සැප සම්පත්, ධන නිධාන හා මුතු මැණික් ලබා ගැණිමට, විභාග නඩු ජයග්‍රහණයට, අසල් වාසියෙකුට අයහපතක් ලබා දිමට බුදුන් වහන්සේට, බෝධි වක්ෂයකයට  හෝ දෙවියනට පුද පූජා කර කන්නලව් කිරීම නිෂ්ථල ක්‍රියාවක් බව උන්වහන්සේ පවසා සිටියහ.

මිනිසුන් කරගන්නා පිං පව්, ණය ගනු දෙනු බේරාදීම බෝධියකින් බුදුන් වහන්සේ කෙනෙකුගෙන් හෝ දෙවියෙකුගෙන් බලා පොරොත්තු වීම නිරර්ථක ක්‍රියාවක්  බව උන්වහන්සේ පළකර සිටියහ.

(මෙම කතා කොටස උපුටා ගන්නා ලද්දකි. ඔබගේ යෝජනා, අදහස් හා උපදෙස් ඇතොත් කාරුණිකව දන්වා එවන්න.)

*** විභාවි ***

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.