fbpx
6.1 C
New Zealand
Tuesday, September 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

‘නොමියෙමි’ සේකර හා පුෂ්කින් | ක්‍රිෂාන්ත වෑවිට | වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සේකරගේ ‘නොමියෙමි’ තරම් ආදරයෙන්කියැවූ පොතක් මට මතක නැත. ඒ මා ආනන්දයේ උසස්‌ පෙළ හදාරන සමයේය. පංතියේ උන් රසායන විද්‍යාව හෝ ශුද්ධ ගණිතය ටියුට් කරන වෙලේ මං කළුලැල්ලේ ’නොමියමි’ පොතේ කවි ලියූ හැටි මතක ය. එකළ නොමියෙමි කට පාඩමින් කියූ මට එහි සමහර කවිවැල් තවමත් මතකය. මේ එවැන්නකි.

සේකරයන් ‘නොමියෙමි’ හි පූර්විකාව සේ ලියුවේ රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කවියාගේ පද වැලක් ඇසුරින් ලියූ මේ කවියයි.

‘ජීවිතයේ දාහක් දුක් ගැහැට අතර
හෙම්බත් වී හිඳිනා සඳ
ඔබේ දයාබර කටහඬ
මා අසලම මට ඇසුනේය
ඔබේ සොඳුරු වත දුටු බව
සිහිනෙන් මට පෙනුනේය

‘නිර්මල සුන්දරත්වයේ පරමාදර්ශය සේ
මොහොතක් ඔබ මා දෑසට පෙනී ගියේය
ප්‍රමෝදයෙන් මා හද උතුරයි දැන්
ආදරයෙන් ජීවිතයෙන් හා කඳුළෙන්
ලද උද්වේගයක් සමඟ
දිව්‍යත්වයක් යළිත් මා ඇතුළත
පණ ලැබ ඇත්තා සේ වැටහෙයි මට.’

ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (1799 – 1837) මෑතකදී අහම්බෙන් ඒ මුල් කවියේ ඉංග්‍රීසි පරිවර්තනය යැයි මට හැඟුණු කවි පෙළක් ගූගල් හරහා මට හමුවිය. මේ එයයි.

Aleksander Pushkin

‘To…
I just recall this wondrous instant:
You have arrived before my face —
A vision, fleeting in a distance,
A spirit of pure grace.

‘In pine of sorrow unfair,
In worldly harassment and noise
I dreamed of your beloved air
And heard your quiet, gentle voice.

‘Years passed. The tempests’ rebel senders
Have scattered this delightful dream,
And I forgot this sound tender
And how heavenly you seemed.

‘In gloomy dark of isolation,
My days were gradually moved,
Without faith and inspiration,
Without tears, life, and love.

‘My soul awoke with decision:
And you again came as a blest,
Like an enchanting fleeting vision,
A spirit of pure grace.

‘My heart beats on in resurrection
It has again for what to strive:
Divinity and inspiration,
Life, tears, and eternal love.

© Copyright, 1996. Translated by Yevgeny Bonver, December 1995,
Edited by Dmitry Karshtedt, July 1996

එය සිංහලට නැගුමට කුරා කුහුඹු මා ගත් උත්සාහයයි මේ.

‘වෙතටයි…
ඔබේ රුව
පිවිතුරු සුන්දරත්වයේ ප්‍රතිමුර්තියක් සේ
මගේ නෙත් අබිමුවෙහි
මොහොතකට මැවුණු හැටි
එක් මිහිරි මතකයක් සේ
හිතට එයි.

‘සොවින් බර වූ කුරිරු ලොව තුළ
අකාරුණික දහසක් දනන් මැද
සිහිනෙකින් මෙන් ඔබේ රුව
පෙනී නොපෙනී ගිය අයූරු
මා දෑස් අබියස
හිත නිවාලන ඒ මියුරු හඬ
ඇසී නෑසී ගිය අපූරුව
සවන් තුළ

‘කාලයේ ඇවෑමෙන් … දැන් ….
මගේ හිත පුරාවට
ඇඳි සිහින නෙක පාට
බොඳ වී මැකී ගොසින්
හසු වී සැඩ කුණාටුවකට
ඔබේ මුදු හඬ කෙතරම් මිහිරි දැයි
අනේ මට දැන් හොඳටෝම අමතකය
දිව්‍යමය දසුනක් වූ ඔබේ රුව
මගේ වියපත් මතකයට අමතකය

‘සිනහවක් කඳුළක් නොමැතිවම
‘පණ සුන් හිස් ජීවිතයක්
ඔහේ ගෙවී යයි අඳුරේ තනිවම
බලාපොරොත්තුවක් පැතුමක් නැතිවම
එහෙත් සැණෙකින් අවදිවෙයි ම’සිත
අමන්දානන්දයෙන් පිරෙයි හදවත
පිවිතුරු සුන්දරත්වයේ පරමාදර්ශය වූ
ඔබ පුබුදුව යි නැවතත් මළා වූ ආත්මය
හද ගැහෙන හඬ මට ඇසෙයි නැවතත්
බලාපොරොත්තුවන් හා පැතුමන් දලුලයි
දිව්‍යමය හැඟුමකින් පණ පෙවුණු
හද මඬල
පණ ගසයි ආයමත්….
සදාතනික වූ ප්‍රේමයේ නමින්!’

ක්‍රිෂාන්ත වෑවිට – වෙලිංටන්
(මෙය ඇනා පෙට්‍රොවානා කර්න් ට ලියූවකැයි අදහස් වේ. ඇයගේ ඡායා රූපය ඉහත පළවේ.)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.