fbpx
9.2 C
New Zealand
Monday, July 1, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රජ මැදුරෙන් අරඹා කිවිරේල්ලුවට ද නැග සාර්ථක ව්‍යවසායකයෙක් වු ඔහු – ස්වර්ණ පවුර 06 | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඕස්ට්‍රේලියානු Toll NZ Limited ප්‍රවාහන සමාගමකට අයත්ව තිබූ නවසීලන්ත දුම්රිය සේවාව 2008 මැයි මාසයේදී නවසීලන්ත රජය විසින් ඩොලර් මිලියන 665 කට එම දුම්රිය සහ මුහුදු ප්‍රවාහන වත්කම් මිලදී ගැනීමට එකඟ විය. නව සමාගම Kiwirail ලෙස නම් කළේය.

ඒවන විටත් සුප්‍රසිද්ධ (Northern kiwi Railway Northern Explorer, a long-distance scenic ) ඕක්ලන්ඩ් සිට වෙලින්ටන් දක්වා ධාවනය වූ සංචාරක දුම්රියේ කළමනාකාරවරයා වූයේ ශ්‍රී ලාංකික තරුණයෙකි.

සංචාරකයින්ගේ අවන්හල ඇතුලු සියලුම පහසුකම් හා පරිපාලන කාර්යයන් ඔහු වෙත පැවරී තිබුණු අතර රටේ කීර්ති නාමයට බලපෑම් වන මෙම සේවාවේ කාර්යන් නියමිත වේලාවට හරියට පිළිවෙලට සංචාරකයින් දහස් ගණනක් වෙනුවෙන් සිදු කිරීමට ඔහු දක්ෂ වීය.

“ඔබ තරුණවියේදීම නුහුරු නුපුරුදු රටක එහෙම වගකීමක් බර වැඩි වුණේ නැද්ද?”
මම ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහු ලාංකික තරුණයකු බව දැනගත් නිසාය.

“එම සාර්ථකත්වයට තායිලන්තයේ වගේම නවසීලන්තයේදී මම ලැබූ වැදගත් අත්දැකීමක් මුල් වුණා.”ඔහු ඝෘජු පිළිතුරක් මට දුන්නේය.

“මොනවද ඒ අත්දැකීම්?” මම ඔහුගෙන් නැවත ඇසුවෙමි.

“මම නවසීලන්තයට එන වකවානුවේ දැනටත් වඩා රැකියා අඩුයි. නවසීලන්ත අත්දැකීම් තමයි ඉල්ලුවේ. ඒත් අහම්බෙන් මට Auckland Governor house එකේ රාජකීයයන් පිළිගන්නකු ලෙස සහකාර රැකියාවක් ලැබුණා. “ ඔහු කෙටියෙන් පැහැදිලි කළේය.

“ඉතිං මොනවද ඔබට ලැබුණා කිව්ව අත්දැකීම් මට පැහැදිලි නැහැනෙව ?” මම නොවිසිලිමත් වීය.

“හ්ම්… ම් ඒක වගකීමක් තියෙන රැකියාවක්. මම ඒවන විටත් එම රැකියාවට අදාළ උපාධි දෙකක් හදාරා තිබුණු නිසා කළමනාකාරිත්වය හිතනවාට වඩා මට කාර්යක්ෂම වෙන්න හැකි වුණා. ඒ නිසා වෙන්න ඇති පළමු පුරප්පාඩුව ඇතිවූ වහාම මාව ප්‍රධාන රාජකීයන් පිළිගන්නා තනතුරට පත් කළේ.” ඔහු එය මට හෙළි කළේ නිහතමානීව යැයි මට සිතුණි.

“ඉතිං ඒක ලොකු වගකීමක් නෙව? රාජකීයයන්ට සැලකීම පිළිවෙලට හරියට ප්‍රමිතියට වෙන්න එපායැ?” මට කියවුණේය.

“ඔව් ගොඩාක් මහන්සි වෙන්න වුණා. ඒ අත්දැකීම් මට වැදගත්. ඊටත් වඩා ඊළඟ රැකියාවලට ඉල්ලුම් කළාම ඒක ලොකු සාධකයක් බවටත් පත් වුණා.” ඔහුගේ මුහුණ සිනහවකින් පිරී තිබුණි.

තායිලන්තයේ දී තම පවුලේ ව්‍යාපාරයක් වූ West Asia Travel Agent ආයතනයක දිගු කාලයක සිට අත්දැකීම් ලබා තිබූ ඔහු නවසීලන්තයේදී ද තම රැකියාවට අමතරව විවිධ ව්‍යාපාර ආරම්භ කළේය. ඒ අතර Travelife සමාගම විසින් විදේශිකයින් නවසීලන්තයට රැගෙන ආවේය. ඊට අමතරව Airport shuttle service සමාගමද වුයේය. එකළ GPS තක්ෂණය ප්‍රචලිතව නොතිබුණු අවධියක නවසීලන්තයේ ප්‍රධාන පෙලේ හෝටලවලට GPS උපංග විකිණීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළේ 2004 වසර අවසාන වන විටය.

දිගු කාලයක සිට ව්‍යාපාර පිළිබඳ තායිලන්තය හා නවසීලන්තය රටවල ලැබු පන්නරය නිසා තමන්ට අයත් ව්‍යාපාරයක නිරත වීම ඔහුගේ ආශාව වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙසට ජනප්‍රිය සංචාරක දුම්රිය කළමනාකාර තනතුරට සමුදී 2017 වසරේදී ඕක්ලන්ඩ් මවුන්ට් වෙලින්ටන් උපනගරයේ තම ප්‍රථම ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එය Eco Moving සමාගම වූයේය. එය තම පියාට අයිතිව තිබූ Eco Rental ව්‍යාපාරයට සමගාමීව ආරම්භ කළ එකක් වීය.

ඒ සඳහා ඔහු නවසීලන්තයට පැමිණි මුල් කාලයේ කරන ලද රැකියාවක අත්දැකීම් බෙහෙවින් උපකාරී වීය. එය ඕක්ලන්ඩ් ප්‍රධාන වාහන බදුදෙන ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස ඔහු එම ව්‍යාපාරය තුළ ලැබු අත්දැකීම්ය. එකළ වාහන බදුදෙන එම ආයතනයේ වැඩ කරන සමයේ පටන් එවන් ව්‍යාපාරයක් තමන් සතු කර ගැනීමට ආශාවක් ඔහුට ඇති වී තිබිණ. ක්‍රම ක්‍රමයෙන් තම සමාගම ලියලා වැඩෙන විට ඔහුගේ සිත දිවගියේ තවත් කාර්ය බහුල ව්‍යාපාරයක් වෙතටය.

2018 දී ප්‍රථමවරට Eco Air & Sea Cargo ව්‍යාපාරයක් තම සමාගමට එක් කර ගත්තේය.

ඔහු මට හමුවුයේ ලංකාවේ සිට භාණ්ඩ පෙට්ටි කීපයක් නවසීලන්තයට ගෙන්වා ගැනීමට ඕක්ලන්ඩ් මවුන්ට් වෙලින්ටන්හි, 1/12 හැරිසන් පාරේ, The work shop සංකීර්ණයේ පිහිටා ඇති ඔහුගේ සමාගමට ගොඩවූ විටකය.

” මේක හරි අලුත්ම කාර්යාලයක්. වාහන පාර්කින් හෙම ඕන තරම්” මම මාර්ක්ට සිනාවෙමින් කීවෙමි.

“පරණ තැනින් 2023 නොවෙමිබර් මාසෙ තමයි මෙතනට ආවේ. මෙතන ඉඩකඩ පහසුකම් වැඩියි.” මාර්ක් පිළිතුර දෙන අතරතුර ඔහුගේ කාර්යාලයේ පුටුවක් පිළිගැන්වීය.

” තායි ටී එකක් බොමු.” කියමින්ම තම කාර්යාලයේ කෙනෙකුට ඒ සඳහා දැනුම් දුන්නේ තම පරිගණකයේන් කලබලෙන් තව ගණුදෙනු කරුවෙකුට පිළිතුරක් දෙන අතර තුරය.

“හොඳයි… හොඳයි… බොමු… බොමු.” මම කැමැත්ත පළ කළෙමි.

“කොහොමත් මට නවසීලන්ත පත්තරයට කතා කරන්න ඕන වෙලා තිබුණේ. ඒ පත්තරය මම හැමදාම කියවනවා. අපේ ලාංකිකයන් අතර ජනප්‍රියයි. අපේ නවසීලන්ත අනන්‍යතාවයක් ඒකෙ මම දකිනවා. අපිත් උදව් කරන්න ඕන.”
ඔහු දිගටම කියා ගෙන ගියේ අව්‍යාජ සිනහවක් සමග කරුණාවන්ත හැඟීමකිනි.

“ඉතින් මොනවද ඔබ සතු ව්‍යාපාර? මොනවද ලාංකිකයින්ට වැදගත් කරුණු. ඒවා අපේ පාඨකයින් දැන ගන්න කැමති වෙයි.” මම විමසුවෙමි

“ඉහළම ශ්‍රේණිගත කළ කාර්යාල භාණ්ඩ සහ නිවාස භාණ්ඩ ගෙනයන ඕක්ලන්ඩ්හි ඉහළම ශ්‍රේණිගත Eco Air & Sea cargo ආයතනයක් තමයි අපි. එය නිකම්ම භාණ්ඩ ප්‍රවාහනය කරන සේවයක් නොවේ.
එය දේශීය හෝ විදේශීය භාණ්ඩ ප්‍රවාහනයක් වුවද සේවාදායකයින්ට ඔවුන් ගෙවූ සේවාවෙන් ඔබ්බට ප්‍රතිඵල ලබාදෙන්නට අපේ සමාගම සහතික වෙනවා.” මාර්ක් පැහැදිලි කළේය.

“අපේ පාඨකයින්ට ඔබ ගැන විශ්වාසයක් තියන්න ඔබ අපට දෙන සහතිකය මොකක්ද?”
මම නැවතත් ඇසුවෙමි.

“අපි විශිෂ්ට පාරිභෝගික සේවාවට ඇතුළත් වන්නේ, පාරිභෝගිකයින්ට නේවාසික සහ වාණිජ වුවද සහතික කළ ගුණාත්මක සහ වෘත්තීය සේවා සහ නියමිත වේලාවට බෙදා හැරීම් සඳහා හොඳම වෘත්තීය සැලැස්මය. එය 101% පාරිභෝගිකයාගේ තෘප්තිය අපි සහතික කරනවා.”ඔහු වගකීමකින් එය කීවේය.

“මොනවද අලුත් පණිවිඩයක් විධියට කියන්න තියෙන්නේ?” අවසන් ලෙස මගේ ප්‍රශ්නය ඔහුට යොමු කළෙමි.

“නවසීලන්තයේ Auckland, Mt Wellington,1/12 Harrison Road හි, The workshop වෙළඳ සංකීර්ණයේ පිහිටි air & sea cargo සමාගම විසින් නවසීලන්තයේ සිට ලොව පුරා ඕනෑම තැනකට හෝ ඕනෑම තැනකින් නවසීලන්තය වෙත භාණ්ඩ ප්‍රවාහණය මුහුදින් අහසින් ගොඩබිමින් ප්‍රවාහනය කිරීමේ වගකීම භාර ගැනීමට සුදානම්. ” ඔහුගේ මුහුණේ දැඩි අධිෂ්ඨානයක් දක්නට තිබුණි.

 

නවසීලන්තය පුරා ඕක්ලන්ඩ්, වෙලින්ටන්, ක්‍රයිස්චර්ච් වැනි ප්‍රධාන නගරවල ශාඛා පිහිටා ඇති අතර ලංකාව, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය හා ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාල ආරම්භ කර ඇත.
ඕක්ලන්ඩ් නගරය ඇතුළත භාණ්ඩ එක්රැස් කිරීම නොමිලයේ සිදු වෙයි. ඊට අමතරව නවසීලන්තය හෝ ලංකාව තුළ තම නිවසටම භාණ්ඩ ප්‍රවාහනය කර දීමට අප සමාගම සුදානම් බව eco x-pert group අධිපති මාර්ක් කාරියවසම් අපට පැහැදිලි කළේය.

මාර්ක් ඉපදුණේ කොළඹ වුවත් හැදී වැඩුනේ මහනුවර ප්‍රදේශයේය. ඔහුගේ පියා ෂෙල්ටන් කාරියවසම් වු අතර මව නමින් මෙලනී වූවාය. තුන් නිවුන් දරුවන් ලෙස මෙලොවට උපත ලැබු නමුදු එක් සහෝදරයකු මෙලොව අතහැර ගියේය. දැනට මාර්ක්ට සිටින එකම සොහොයුරා ඇන්ඩෘ කාරියවසම් වෙයි. ඔහු සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරමින් නවසීලන්තයේ පදිංචිව සිටියි. තම දෙමව්පියන් එකළ තායිලන්තයේ ව්‍යාපාර ලෙස හෝටලයක් හා සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය හෙයින් මාර්ක්ට හා ඇන්ඩ්‍රෘට තායිලන්තයේ පදිංචි වීමට සිදු වීය.

මාර්ක්ට වැඩිදුර අධ්‍යාපනයට තයිලන්තයේ Ramkhamhang International Institute ආයතනයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබිණ. අධ්‍යාපන කටයුතුවලට අමතරව දෙමව්පියන්ගේ ව්‍යාපාරවලට මැදිහත් වන්නට එකළ තරුණ මාර්ක්ට සිදු වුයේය.

ඔහු තායිලන්තයට මහත් කැමැත්තක් දැක්වූයේ ථෙරවාද බුදු දහම ඇති පන්සල් හා මාහිමිපාණන්වරු ඔහුගේ ඇසුරට ලක් වී තිබුණ බැවිණි. තායිලන්ත තරුණයින් සිරිතක් ලෙස තාවකාලික පැවිදි බව ලැබීම ඔවුනට ගෞරවයක් කොට සලකයි.
එවකට 23 හැවිරිදි මෙම තරුණයාට ද අවුරුද්දක් මහණ දම් පිරීමට ආශාවක් ඇති වූයේය. තායිලන්තයේ ප්‍රධානතම පන්සල වන චන්දරාම් පන්සලේ වැඩවාසය කරමින් ජීවිතාවබෝධය, ඉවසීම වැනි ගුණාංග පුහුණු කර ගත් මාර්ක් කාරියවසම් අද එක් දරු පියෙකි. ඔහුගේ බිරිඳ ජපන් ජාතික කාන්තාවකි.

Eco Air & Sea cargo ශාඛා

Auckland
1/12 Harrison Road, Mount Wellington, Auckland. 1060 call : 0211606050

Hamilton
1A, Morris road, Hillcrest, Hamilton.call : +64 22 120 4804

Whangarei
198 Fairway drive, kamo, Whangarei, 0112 call : +64 22 385 9500

Tauranga
6 Portchester Close, Bethlehem, Tauranga call : 027 239 7362

Gisborne
40 Chalmers Road ,Te Hapara, Gisborne. call : 029 023 82064

Napier
15 Wharerangi Road , Tamatea, Napier 4112. call : 021 246 1456

New Plymouth
21 Garrett Drive, Whalers Gate, New Plymouth 4310. call : +642102952002

Palmerston North
171A Park Road West end Palmerston North 4410 call : +64 21 173 8719

Wellington
45b Waverton Terrace, Churton Park, Wellington 6037 call : 027 416 0647

Lower Hutt
21 Brian Morgan Terrace, Wainuiomata, Lower Hutt 5014 call : 0210 249 2980

Nelson
64, Brunner Street Nelson South Nelson call : +64 22 050 3583

Christchurch
3 lady Isaac Drive, Rolleston, 7678 call : 021 2727452

Queenstown
102 Barry Avenue, Cromwell 9310 call : 0224119116

Dunedin
2, Kipling Street, Waverley, Dunedin 9013 call : 0226371494

Invercargill
238, North Road, Waikiwi, Invercargill, 9810. call : 022 566 3859

Rotorua
21 Russell Road, Fairy Springs, rotorua 3015 call : 027 214 0507

වෙබ් ලිපිනය www.ecoairseacargo.co.nz
ඇමතුම් අංකය 09 8899247

 

කුසුම් එදිරිසිංහ – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.