මෙම සිදුවීම සැහෙන කළකට පෙර මා සේවය කරන දහම් පාසලේ සිදුවූ සත්‍ය සිදුවීමකි. දහම් පාසලේ උදැසන රැස්වීම අමතමින් සවාමීන්වහන්සේ නමක් සිසුන්ගෙන් ඇහුවා දෙමාපියන්ට වැදලා ආපු අය අත් ඔසවන්න කියලා. අත් බොහොමයක් ඉහළට එසවෙද්දී හාමුදුරුවෝ ප්‍රකාශ කළා අපි බොරු කියන්න හොද නෑ, ඒ නිසා ඔයාලා ඇත්තටම වැන්දෙ නැත්නම් අත් පහළට දාන්න කියලා. “ඔයාලා දන්නවද බොරු කිව්වොත් කොහේද යන්නේ කියලා “හාමුදුරුවෝ නැවතත් ඇහුවා. “අපායට හාමුදුරුවනේ ” එක් සිසුවෙක් පැවසුවේය. “බොහොම හොදයි, ඔයා දන්නවද අපාය තියෙන්නේ කොහේද කියලා ” හාමුදුරුවෝ නැවතත් ඇහුවා. එක් සිසුවෙක් “අපාය තියෙන්නේ ලංකාවේ ” කීවේය. හමුදුරුවන්ට ද සිනාව නවත්වාගත නොහැකිවිය. එහෙත් ඒ බව නොපෙන් වූ හාමුදුරුවෝ ඒ ළමයාගෙන් එසේ කීමට හේතුව විමසුවේය.”අපි ලංකාවේ දී පන්සලකට ගියා. එකේ අපායක් තිබුණා”. එතැන සිටි ගුරු දෙගුරුන්ට සිනාව පාලනය කරගැනීමට සැහෙන වෙලාවක් ගතවිය.
ප්‍රියන්ති ඕපාත
ඕක්ලන්ඩ්