fbpx
10.5 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කවිය, ගීතය සහ ජීවිතය ඒකාත්මික කරවූ රස සරස | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

රස සරසෙහි  පටන් ගැන්ම ශ්‍රී ලංකන්ස් වුවද එය අවසන් වූයේ වෙලින්ටන් නුවර ආදරණීයයන්ගේ ප්‍රසංගයක් ලෙසට ය.

ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ  සිව් වසරක ගමනේ රමණීය මොහොතක් වු ‘රස සරස’ ප්‍රසංගය ජුනි මස 29 වැනි සන්ධ්‍යාවේ ලොවර් හට් නගර ශාලාවේ දී පැවැත්විය. පැමිණි සැමට ‘රස සරස’ මිහිරියාවෙන් පිරී නවමු අත්දැකීමක් මෙන්ම සංගීත ප්‍රසංගයකින්  වෙනස්ව  තමන්ගේ හදවතට සමීප ගීතයක් කවියක් ගැන  කතා කරන සජීවී, රිද්මීය වින්දනයක් ගෙනෙන්නට හැකි වූ බව පසක් වූයේ ලැබුණු ප්‍රතිචාරයන් සමගය. ශ්‍රී ලංකන්ස් අපේ අරමුණ වූයේත් එයයි. 

‘සුභාවිත සංගීතයට හවසක්. කවියට ඉඩක්. යුග යුග එක්වන මොහොතක්,’ යන්න තේමාව කරගත් අපි ගීතයේ මූලාරම්භය වූ කවිය ගැනත් සංවාදයේ යෙදෙමින් ගීත රසය සමඟින් සංගීත රසයත් ප්‍රේක්ෂකාගාරයට ලබාදීමටයි අපේ උත්සාහය වූයේ. එමෙන්ම තරුණ, වැඩිහිටි සහ ළමා පරපුර ද සුසංයෝග කරමින් යුග යුග එක් කරවන්නට ද අපට හැකි විය.

මෙම ප්‍රසංගයේ ගීතය හා බැඳුණු අතීතය ගැන කතා කරන්නට මියුරු ගීත රැසක් ශ්‍රී ලාංකීය ගීතවංශයට එකතු කළ ප්‍රවීණ ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් එකතු වූ අතර කවිය වටා ගෙතුණු බැඳියාවන් කතා කරන්නට රසාලිප්ත කවි පබදින වෙලින්ටන් කාව්‍යාකාර  ක්‍රිෂාන්ත වෑවිටයන්ද එකතු විය. එමෙන්ම ‘රස සරස’ පූරක වූයේ කවියට පෙම් බඳින, ලංකාවේ ජනකාන්ත  සන්නිවේදකයෙක් වූ වජිර ජයවර්ධනයන් ය.

සහජ හැකියාවන් සතත අභ්‍යාසයෙන් ඔපමට්ටම් කරගත් සංගීතයට ආදරය කරන වෙලින්ටන්වාසීන් වන ඩිහාන් හෙට්ටිආරච්චි, ශසින්ද ගුණතුංග, රචිත පෙරේරා, හිරෝෂිකා ප්‍රේමරත්න,ඉන්දීවරි රත්නායක, තත්සරණි ද සිල්වා, තිසජ ආරියසිංහ, කසුන් ද සිල්වා, ලලිඳු මුණසිංහ සහ නිලංග පරණගම ‘රස සරස’ ගායනයෙන් හා වාදනයෙන් සවන් පිනවූ සහෝදර පිරිස වූහ. එමෙන්ම ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ ආදරණීය බිරිඳ වන සන්ධ්‍යා විජේසුන්දර ද  ගීත ගායනා කරමින් ප්‍රසංගය තව තවත් රසවත් කළාය.

දුෂ්කරතා මධ්‍යයේ වුවද ශබ්ද පරිපාලන කටයුතු මැනවින් සිදු කළේ  අමිල පෙරේරා සහෝදරයාය. රස සරසෙහි  පටන් ගැන්ම ශ්‍රී ලංකන්ස් වුවද එය අවසන් වූයේ වෙලින්ටන් නුවර ආදරණීයයන්ගේ ප්‍රසංගයක් ලෙසට ය.

ප්‍රසංගය සාර්ථක කර ගැනීමට විවිධ අයුරින් සහයෝගය දැක්වූ සැමටම ශ්‍රි ලංකන්ස් කණ්ඩායමේ ආදරය සහ ස්තූතිය. අවසන, වෙලිංටන්-ඕක්ලන්ඩ් දෙනුවර යා කරමින් නව ආරක අපූර්ව ප්‍රසංගයක් පැවැත්වීමට අපට හැකියාව ලැබුණු බවට මෙසේ සටහනක් තබන්නෙමු.

 

දිමුතු විජේසූරිය – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.