fbpx
6.1 C
New Zealand
Tuesday, September 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පඤ්ඤා උදපාදී – 2024 හැමිල්ටන් පුර පොසොන් බැති පූජෝත්සවය | දහම් බාලසූරිය | හැමිල්ටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

න චින්ත යන්තෝ පුරිසෝ – විසේස මදි ගච්ඡති
(අවබෝධයෙන් සිතා බලා කටයුතු නොකරන්නෝ අප්‍රමාදීව කටයුතු නොකරති.)

හැමිල්ටන් පුර 2024 වාර්ෂික පොසොන් බැති පූජෝත්සවය මෙවරත් ජුනි මස සවස 4. 30 ට Waikato Indian Association ශාලාවේ දී ශ්‍රී ලාංකීය සැදැහවතුන් මෙන්ම ශ්‍රී ලාංකීය නොවන සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වුණි.

හැමිල්ටන් බෞද්ධ විහාරය, මහ කරුණා දහම් පාසල, වයිකාටෝ ශ්‍රී ලාංකීය මිත්‍රත්ව සංගමය, හා හැමිල්ටන් ශ්‍රී ලාංකීය සුළවතුන් එක්ව දහම් අනුශාසනා, බැති ගී, බොදු සුවඳ වෑහුනු නාට්‍යය, පූජා නැටුම් ආදියෙන් හැඩ වුණු මෙවර පොසොන් සුවඳ විහිදුනු පූජෝත්සවය සියළු දෙනාටම අමතක නොවන මතක සටහන් රැසක් රැන්දූ එකක් විය.

පැමිණ සිටි පිරිස පංචශීල ප්‍රතිපදාවේ පිහිටුවා ආරම්භ කෙරුනු වැඩසටහනේ දෙවැන්න බුදු හිමියන්ට පිදුනු පූජා නැටුම් උපහාරයකි. ඉන් පසුව දහම් පාසල් ළමුන් ඇතුළු අනෙක් ළමයින් සහභාගී වු සුමධුර බැති ගී මංජරියකින් බුදු හිමිට පූජෝපහාර කෙරුණි. අනතුරුව පොසොන් කිවු සැනින්  අපට නිතැතින් සිහියට නැගෙන මිහිඳු හිමි හා දේවානම්පියතිස්ස කතා පුවත නාට්‍යානුසාරයෙන් වේදිකාවට පැමිණුනේ අපේ පොඩිත්තනට ඓතිහාසික පුරාවෘත්තයක් පියවි ඇසින් නැවත දකිමින්, අසා තිබූ දෙය දෙඇසින්ම දැක තහවුරු කරගැනීමට අවස්ථාව සලසමිනි. ලිඛිත සාක්ෂි ලෙසින් හමුවන ලොව ප්‍රථම බුද්ධි පරීක්ෂණය ලෙස සැලකිය හැකි මිහිඳු හිමි හා දේවානම්පියතිස්ස රජු අතර සිදුවු දෙබස් ඇසෙන විට නිතැතින්ම ඒ පොසොන් පෝ දින සිදුවු මහින්දාගමන අවස්ථාවට නාට්‍ය රසය විඳගනිමින්ම අපට යාමට හැකි විය.

මෙයින් වසර 2332 ට පෙර මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජුට දේශනා කළ පළමු දහම් දේශනය වූයේ ‘චුල්ලහත්ථිපදෝපම’ සූත්‍රයයි. එකී සූත්‍රය තුළින් ඇත් පියවර හා ඇතුන් වනයක හැසිරෙන විට ඇතිවන සළකුණු උපමා කොටගනිමින් විශාල සද්ධන්ත කුළ ඇතෙකු සොයා ගැනීම දහමට පිවිසීමක් සේ යොදාගෙන බුදු හිමියන් හා ඒ උතුම් වූ සද්ධර්මය කෙබඳු දැයි විස්තර කෙරුනි. මෙම සූත්‍රය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වූ අතර මිහිඳු හිමියන් ද දේවානම්පියතිස්ස රජහට දහම් ඇස පහළ කරවීමට යොදාගන්නා ලදි. මෙම සූත්‍ර දේශනාව තුළ විද්‍යාත්මක චින්තනය ලෙස සැලකෙන බටහිර විද්‍යාවේ මූලික විධික්‍රමය පළමු වරට දක්නට ලැබීම බෞද්ධ අපහට ඉතා නිහතමානී ආඩම්බරයක් ගෙන දේ.

මෙකී චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරින් නාට්‍යය තුළදීම පැමිණ සිටි පිරිසට දහම් ඇස පහළ කරවූයේ හැමිල්ටන් බෞද්ධ විහාරාධිපති දුණුවිල මෙත්තෙයිය හිමියන්ය. පැමිණ සිටි පිරිසට එය නාට්‍යයයේම අංගයක්ද දහම් අනුශාසනාවක්ද යන්න වෙන් කර ගැනීටම බැරි තරමින්ම සජීවීව සිදු කිරීමට උන්වහන්සේට හැකි විය.

ඉන් පසුව උදාවූයේ වැඩිහිටි පිරිස් සම්බන්ධව වූ බොදු බැති ගී සරණියයි. අවසානයේදී පැමිණි පිරිසට ඉතා රසවත් ශ්‍රී ලාංකීය ආහාරවලින් ද සංග්‍රහ කෙරුනු අතර 2024 පොසොන් බැති පූජෝත්සවය සිත් තුළ තිර කරමින් අවසන් විය.

දහම් බාලසූරිය – හැමිල්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.