fbpx
8.5 C
New Zealand
Sunday, July 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සංක්‍රමණිකයාගේ තීරුව – නවසීලන්තය හා යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම | යසසි ගුණරත්න | වයිරරප්පා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2023 ජූලි 9 වන දින නවසීලන්තය සහ යුරෝපා සංගමය බ්‍රසල්ස්හි අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුම 2024 මැයි එක සිට ක්‍රියාතමක කිරීම සඳහා දෙපාර්ශවයම අවශ්‍ය නීති මේ වන විට සම්පාදනය කර හමාරය. නවසීලන්තය යුරෝපය සමඟ දිගුකාලීන ඓතිහාසික, සංස්කෘතික, දේශපාලනක සහ ආර්ථික සබඳතා ඇත. යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් විසිහත සමඟ නවසීලන්තයේ නූතන ආර්ථික සබඳතාව මෙම වෙළඳ ගිවිසුම මත පදනම් වනු ඇත. එසේම යුරෝපීය සංගමය නවසීලන්තය සහ සමාන අදහස් ඇති හවුල්කරුවෙකු වන නිසාම සැලකිය යුතු ආර්ථික වාසි ලබා දෙමින් නවසීලන්ත වැසියන්ට වැදගත් වන ක්ෂේත්‍රවල ප්‍රමිතීන් වැඩි කර දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

එසේම මෙම නිදහස් වෙළඳ ගිවිසුම නව අවස්ථා නිර්මාණය කරමින් යුරෝපා සංගමය වෙත වඩාත් හිතකර වෙළඳාම් හරහා වියදම් කපා හරියි. ඒ වගේම වෙළඳ විවිධාංගීකරණයට සහය වන අතර නවසීලන්තයේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවට දායකවනු ඇත. මෙම නිදහස් වෙළඳ ගිවිසුම නිසා නවසීලන්ත අපනයනකරුවන්ට යුරෝපාසංගම් වෙළඳපොළට ප්‍රවේශ සැලසෙනු ඇත.

නවසීලන්ත අපනයනකරුවන්ට යුරෝපා සංගම් වෙළෙඳපොළ තුළ විශේෂයෙන්ම දැනටමත් යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගනුදෙනු පවත්වන අනෙකුත් ගෝලීය අපනයනකරුවන්ට එරෙහිව තරග කිරීමට හැකි වන ලෙස වේදිකාවක් සපයාදෙනු ලබයි. නවසීලන්තයේ වර්තමාන අපනයනයෙන් 91%ක් යුරෝපා සංගමයට ඇතුළුවන්නේ තීරුබදු ඉවත් කිරීම සහ තීරුබදු රහිත කෝටා හරහා තීරුබදු රහිතවය. වසර හතකට පසු ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රි‍යාත්මක වූ විට වත්මන් වෙළඳාමෙන් 97%ක් තීරුබදු රහිතව යුරෝපා සංගමයට ඇතුළු වේ.

මීට අමතරව සීමාසහිත WTO කෝටා සහ ඉහළ තීරුබදු හේතුවෙන් නවසීලන්ත කිරි නිෂ්පාදන සහ හරක් මස් වෙළඳාම සීමා වී ඇති ප්‍රදේශවල වෙළඳාම වර්ධනය වීමට FTA කොන්දේසි නිර්මානය කරනු ඇත. නිදහස් වෙළඳ ගිවිසුම මඟින් යුරෝපා සංගමය තුළ නවසීලන්ත සේවා අපනයනකරුවන් සඳහා වැඩි නිශ්චිතභාවයක් සපයන අතර නවසීලන්තය සේවා අපනයනකරුවන්ට අනෙකුත් යුරෝපා සංගමයේ වෙළඳ හවුල්කරුවන් සමඟ සංසන්දනාත්මක පදනමක් මත තරඟ කළ හැකි බව සහතික කරයි. නිදහස් වෙළඳ ගිවිසුමෙහි ආයෝජන නීති මගින් නවසීලන්ත ආයෝජකයින්ට යුරෝපා සංගමය සහ යුරෝපා සංගමයේ ආයෝජකයන්ට නවසීලන්තයේ සලකනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි විනිවිදභාවයක් සහ නිශ්චිතභාවයක් ලබා දෙනු ඇත.

යසසි ගුණරත්න – වයිරරප්පා

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.