පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් ඊශාලයට පෙර නොවූ විරූ ප්‍රහාරය දියත් කර ඇති අතර එහි සටන්කාමීන් ගාසා තීරය අසල වෙසෙන සිය ගණනක් මරා දමා දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගෙන ඇත.
හමාස් යනු කුමක්ද?
හමාස් යනු ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී කණ්ඩායමකි. එය ඊශ්‍රායලයේ විනාශය සඳහා දිවුරුම් දී ඇති අතර හමාස් සංවිධානය 2007 දී ගාසා තීරයේ බලයට පත්වූ දා සිට ඊශ්‍රායලය සමඟ යුද ගැටුම් කිහිපයක්ම ඇති කර ඇත.එම යුද ගැටුම් අතර, ඊශ්‍රායලයට රොකට් දහස් ගණනක් තැබීම් ඇතුළු මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇත. ඊශ්‍රායලය ද හමාස් වෙත ගුවන් මගින් නැවත නැවතත් ප්‍රහාල එල්ල කර ඇති අතර, 2007 වසරේ ඊජිප්තුව සමඟ එක්ව ගාසා තීරය ‘එහි ආරක්ෂාව’ සඳහා අවහිර කර ඇති බව පැවසේ. ඊශ්‍රායලය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මෙන්ම අනෙකුත් බලවතුන් විසින් හමාස්, ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. නමුත් ඉරානය හමාස් සංවිධානයට ආධාර සහ ආයුධ සහ පුහුණුව ලබා ලබා දෙන බව නොරහසකි.
ගාසා තීරය යනු කුමක්ද?
ගාසා තීරය ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණි මුහුද අතර කිලෝමීටර් 41ක් (සැතපුම් 25ක්) දිග සහ කිලෝමීටර් 10ක් පළල භූමි ප්‍රදේශයකි. එය මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන අතර ලෝකයේ ඉහළම ජනගහන ඝනත්වයන්ගෙන් එකකි.
ගාසා තීරයේ ජීවිතය කෙබඳුද?
ඊශ්‍රායලය ගාසා තීරයේ සහ එහි වෙරළ තීරයේ ගුවන් අවකාශය පාලනය කරන අතර එහි දේශසීමා හරස් මාර්ග හරහා ඇතුළුවීමට සහ පිටතට යාමට අවසර දෙන්නේ කාටද සහ කුමන භාණ්ඩද යන්න සීමා කරයි. ඒ හා සමානව, ඊජිප්තුව ගාසා තීරයේ මායිම හරහා ඇතුළු වන සහ පිටතට යෑම පාලනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා තීරයේ ජනගහනයෙන් 80% ක් පමණ ජාත්‍යාන්තර ආධාර මත යැපෙන අතර මිලියනයක පමණ ජනතාවක් දෛනික ආහාර ආධාර මත රඳා සිටිති.
පලස්තීනය යනු කුමක්ද සහ ඊශ්‍රායලය සමඟ ගැටුම.
පලස්තීන භූමි ප්‍රදේශ ලෙස හඳුන්වන බටහිර ඉවුර සහ ගාසා තීරය මෙන්ම නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලය යන සියල්ලම රෝම යුගයේ සිට පලස්තීනය ලෙස හැඳින්වූ භූමියේ කොටසක් විය. මේවා බයිබලයේ යුදෙව් රාජධානි වල ඉඩම් වූ අතර යුදෙව්වන් ඔවුන්ගේ පැරණි නිජබිම ලෙස සලකයි. එසේම ඊශ්‍රායලයේ දේශසීමාද සිතියම්වල පැහැදිලි කර ඇත. ඊශ්‍රායලයේ අයිතිය පිළිනොගන්නා අය විසින් එම භූමිය තවමත් පලස්තීනය ලෙස හඳුන්වනු ලැබුවද, 1948 දී ඊශ්‍රායලය රාජ්‍යක් ලෙස ප්‍රකශයට පත් කර ඇත.
හමාස් සංවිධානය දැන් පහර දුන්නේ ඇයි?
ඔක්තෝබර් 7 වැනි දින සටන්කාමීන්ගේ ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව සිදු වුවද, එය සිදු වූයේ ඊශ්‍රායල් -පලස්තීන ආතතීන් උත්සන්න වීමක ප්‍රතිඵලක් ලෙසය. මෙම වසර ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ (west bank) වෙසෙන පලස්තීනුවන්ට අවාසනාවන්ත වසරක් වීම ඊශ්‍රායලයට පහර දීමට හමාස් පොළඹව ඇති බව විශ්වාස කෙරේ. එසේම සාමාන්‍ය පලස්තීනුවන් අතර හමාස් සංවිධානයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීම ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර උදව් වේ යැයි හමාස් සිත්නනට ඇත. එමෙන්ම ඊශ්‍රාලය විසින් ග්‍රහනය කර සිටින 4,500ක් පමණ සිටින පලස්තීනු සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ඊශ්‍රායල් සිරකරුවන් අත්පත් කර ගැනීමටද සිතන්නට ඇත.
තවද මෙම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලයේ පරම සතුරා වන ඉරානය සිටින බවයට රාවයක් පැවතියක් ඉරාන එක්සත් ජාතින්ගේ තානාපති එය ප්‍රතික්ෂේ කර ඇත. අවසාන වශයෙන් ඉරානය සහ හමාස් , ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර අඩිතාලම වැටී තිබෙන ඓතිහාසික සාම ගිවිසුමක සේයාවන් දෙස බල සිටින්නෙද දැඩි අකමැත්තකිනි. එබැවින් ඊශ්‍රායලය කෙරෙහි මැද පෙරදිග ජනතාව තුල කෝපය ඇති කිරීම තවත් අභිලාෂයක් වනු ඇත.
මෙම ප්‍රහාරය පෙර නොවූ විරූ ප්‍රහාරයක් ද?
මෙය හමාස් සංවිධානය මෙතෙක් ගාසා තීරයෙන් දියත් කර ඇති වඩාත්ම තීරණාත්මක මෙහෙයුම වන අතර ඊශ්‍රායලය සෑහෙන කාලයකින් මුහුණ දුන් දරුණුතම දේශසීමා ප්‍රහාරයකි. එසේම සටන්කාමීන් ගාසා තීරය හා ඊශ්‍රායලය වෙන් කරන වයරයද ස්ථාන කිහිපයන් බිඳ දමා ඇති බවට වාර්තා වේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ 1973 දී ඊජිප්තුව සහ සිරියාව විසින් මැද පෙරදිග යුද්ධයක් ආරම්භ කළ ප්‍රහාරයේ 50 වැනි සංවත්සරයෙන් දිනකට පසුව වීමද තව විශේෂත්වයකි.
මෙය ඊශ්‍රායල බුද්ධි අංශයේ විශාල අසාර්ථකත්වයක්ද?
ෂින් බෙට් (ඊශ්‍රායල ආරක්ශක ඒජන්සිය), ඊශ්‍රායල අභ්‍යන්තර ඔත්තු සේවා, මොසාඩ්, බාහිර ඔත්තු ඒජන්සිය සහ ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ සියලු හැකියාවන් සහ ප්‍රයත්නයන් සමඟින්, මෙය පැමිණෙන බව කිසිවකු නොදැක්කා නම් එය ඉතා විශ්මය ජනකය, මක් නිසා ද යත් මැද පෙරදිග වඩාත්ම පුළුල් සහ කාර්‍යක්ශම බුද්ධි සේවාව ඊශ්‍රායලය සතුව ඇති බැවිණි.
ඊළඟට කුමක් සිදු විය හැකිද?
හමාස් සටන්කාමී අණදෙන නිලධාරි මොහොමඩ් ඩීෆ් පලස්තීනුවන්ගෙන් සහ අනෙකුත් අරාබිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ‘ඊශ්‍රාලය අතුගා දැමීමේ” සටන්කාමීන්ගේ මෙහෙයුමට සම්බන්ධ වන ලෙසයි. බහුවිධ පෙරමුණු යුද්ධයකට එකතුවිය හැකි බව ඊශ්‍රායලය නිසැකවම දකියි. එහි නරකම අවස්ථාව වනුයේ ලෙබනන් සටන්කාමී හිස්බුල්ලා කණ්ඩායම හමාස් සමඟ අත්වැල් බැඳ ගැනීමය. තවමත් හිස්බූල්ල කණ්ඩායම ඊශායල හැසීරිම අධ්‍යනය කරමින් සිටින බවට වාර්තා වේ.
– යසසි ගුණරත්න, මාස්ටර්ටන් –
By Yasasi Gunarathne, Masterton