fbpx
13.2 C
New Zealand
Friday, October 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රටේ දූෂණයට දේශපාලන මුව-හමට පමණක්ම තඩිබෑම | නිමල් වන්නිගම | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බුදුන්වහසේ දේශණා කළ අධම්මික සූත්‍රයේ කියවෙන පරිදි රටක විනාශය ආරම්භ වන්නේ ඒ රටේ පාලකයාගේ පෘථග්ජන ස්වභාවය අනුව ඔහුගේ අධාර්මික දූෂිත පාලනය නිසාවෙන් බව කියවේ. රටේ නායකයා දූෂිත වන විට රටේ පාලනයට සම්බන්ධ වන ඔහුගේ ඇමති මණ්ඩලය ද දූෂිතවේ. ඒ දෙපාර්ශවය  දූෂිත වන විටක රටේ ප්‍රාදේශීය පාලනය ගෙන යන පිරිස් දූෂිතවේ. ඉන්පසුව රටේ සිටුවරු ලෙස පෙනී ඉන්නා ව්‍යාපාරික ප්‍රජාව දූෂිතවේ. ඔවුන් රටේ නායකයාගේ සිට පහළට ඉන්නා රටේ නීති සකස් කරන මෙන්ම ඊට පහළින් ඉන්නා සියලු පාලක කොටස්වලට ගැතිකම් කරමින් අල්ලස් දෙමින් තම තමන්ගේ ව්‍යාපාර වර්ධනය කරගනී. මේ ක්‍රියාවලියට රජයේ රාජ පුරුෂයින් හෙවත් නිලධාරී පැලැන්තිය ද යහමින් දායකවේ. ඉහළ නිලධාරීන් දූෂිත වන විට රාජ්‍ය සේවයේ   පහළින්ම ඉන්නා කම්කරුවා දක්වාම ඒ අනුව හැඩ ගැසේ. 

මින් අනතුරුව රාජ්‍ය සේවය ලබන සාමාන්‍ය ජනයා ද එක් එක් පුද්ගලයින් වශයෙන් අනියම් ක්‍රම මගින් තම පවුලේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දූෂණවලට පෙළඹේ. පවුලේ ප්‍රධානියා දූෂණයට පෙළඹෙන විටක එම පවුලේ බිරිඳ සහ දූ දරුවන් ද ඒ අනුව හැඩගැසේ. ඒ අකාරයෙන් ගම් නියම්ගම් නගරවල සිටිනා විශාල පිරිසක් මේ ක්‍රියාවලියට නිතැතින්ම ගොදුරුවේ. මේ ආකාරයට රටේ ජනගහනයෙන් විශාල පිරිසක් දූෂිත ලෙස ලෝභ, ද්වේශ , මෝහ යන ත්‍රිත්වයෙන් පූර්ණව ක්‍රියාකරන විට ඒ සියලුම දෙනාගෙන් නිකුත්වන චිත්ත ශක්තිය කෙලෙස් බරිත කළු කිරණ හෙවත් විකිරණ ලෙස විශ්වයට නිකුත්වේ. මෙසේ පරිසරයට දරා ගත නොහැකි මට්ටමින්  විෂ කිරණ ශක්ති කදම්බ නිරන්තරයෙන් ඒ දූෂිත ප්‍රජාවගෙන් එකතුව මුදාහැරෙන විටක දී පෘථිවියේ වායුගෝලය දූෂණයට ලක්වේ. එහෙයින් වැසි වලාකුළු ද ක්‍රමයෙන් විනාශ වීමකට ටිකෙන් ටික ලක්වේ.  කාලාන්තරයක පොළවට වැසි නොලැබී වියළී යයි. ගංගා ඇළ දොළ සිඳී   වාෂ්ප වී යයි. මුහුදේ ජලය විශාල වශයෙන් වාෂ්ප වී ටික කලකට පසු ඒවා නැවත විශාල වැසි ලෙස ඇද හැලෙමින් විශාල ගංවතුර තර්ජන නියං කලට පසු ඇතිවේ. අනවශ්‍ය කාලවල දී වැස්ස ඇතිවේ. අවශ්‍ය කාලවලට වැසි නැතිවේ. කාළගුණය සම්පූර්ණයෙන්ම කණපිට ගැසේ. මුළු රටේම වගා කටයුතු අඩාලවේ. මිනිසුන් කෑමෙන් සහ ජල හිඟකමින් මෙන්ම වරින් වර ජල වැඩි ගංවතුරින් පීඩාවන්ම ලබමින් ඉන්නට සිදුවේ. මේ තත්ත්වය මිනිසුන්ට පමණක් නොව පෘථිවිය අවට අහසේ ඉන්නා ඕපපාතික, බූමාටු ඇතුළු දේව කොට්ඨාශ, භූත, ප්‍රේත කොට්ඨාශවලට ද තදින්ම දැනෙන බවත්  දෙවියන් කෝප වී ක්‍රියාකරන බවත් එසේ ද්වේශයෙන් තොරව උපත ලබන දේව කොට්ඨාශවල  දේවත්වයට ද බලපෑමක් එල්ල වී ඔවුන් ද  දේවත්වයෙන් පහළට ඇද වැටෙන බවක් ද බුදුන් වහන්සේ සඳහන් කර තිබේ. මේ ආකාරයට මෙම ක්‍රියාවලිය නොනවත්වා දිගින් දිගටම ගියහොත් කාලාන්තරයක් යන විට මුළු ලොවම ගිණි ගෙන විනාශ වන බවක් ද සඳහන්වේ. ඉතින් ලෝක විනාශයක ආරම්භය ඒ ලොවේ රටවල්වල පාලකයින් දූෂිත වීමෙන් වන බවක් තමා මේ සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ.

මෙම ලිපියෙන් විමසීමට ලක්වන්නේ රටේ ප්‍රධාන පාලකයන් දූෂිතවන්නේ නම් එසේ දූෂිත වීමට සමාජයේ ඇති වී තිබෙන ප්‍රධානම හේතු ගැනයි.

මේ සිරිලංකාව ලෝකෙන්ම උතුම් රට ලෙස ද  ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසට ද පෘථිවියේ පිහිටි පාරාදීසිය බවට ද අතීතයේ විටින් විට හඳුන්වා දී තිබේ. මීට හේතුව කුමක්ද? මේ රට වරෙක මණ්ඩදීප ලෙස හඳුන්වාද තිබේ. මණ්ඩ යන්න හෙළ-මාගධී බසින් කියවෙන්නේ මැද යන්නයි. මණ්ඩදීප යනු පොළවේ මධ්‍ය මණ්ඩලය බව එයින් හැඟවේ. ලොවේ පහළවන සියලුම බුදුවරු පහළවන්නේ මේ මධ්‍ය මණ්ඩලයේම පමණක් බව පැරණි මූලාශ්‍ර බොහොමයක සඳහන් වී ඇත. ත්‍රිපිටකය එයින් මුල් තැන ගනී.

ලොවේ ස්වභාවදහම නියමාකාරයෙන් විග්‍රහ වන එසේම ස්වභාවදහම නිසි අයුරින් සත්ත්වයාගේ සුව පිණිස හොඳින් පවත්වාගෙන යාමට පරිසර හිතකාමී එකම න්‍යායාත්මක දහම් විග්‍රයක් ලොවට පෙන්වා දුන්නේ බුදුදහම තුළින්ම පමණි. එහි මූලික හරය වන්නේ මිනිසා ඇතුළු සියලු සත්ත්වයින්ට නිවී සැනසිල්ලේ ජීවත්ව සිටීමට මෙන්ම අවශ්‍ය සුදුසු මිනිසුන්ට ප්‍රඥාව අවදිකර පූර්ණ නිබ්බාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වාදීමයි. නැතිනම් උභතෝභාගී (ඔය දෙ ආකාරයටම) විමුක්තියක් ළඟාකර ගත හැකි මග පෙන්වාදීමයි.

මෙහිදී බුදුන්වහන්සේ පෙන්වාදුන්නේ මිනිසුන් තුළ හටගන්නා සියලු විනාශකාරී පැවත්මකට මූල හේතු තුනක් ඇති බවත් ඒවා ලෝබ, ද්වේෂ සහ මෝහ ලෙස (තේ-සං) අප තුළ ක්‍රියාත්මක වෙන බවයි.

“යේ ධම්මා හෙතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ”  ලෙස ලෝභ, ද්වේශ, මෝහ යන  මේ ප්‍රධාන හේතු තුන ත්‍රිපිටකයේ පැහැදිලිව පෙන්වා දී ඇත.

චේතෝව් මුක්තිය හෙවත් විශ්වයේ පැවැත්මට ක්‍රියාත්මක වන විඥාණ චිත්තය තුළ ඇති ශක්තිය යහපත් ආකාරයෙන් ඉහත කී විනාශකාරී ක්‍රියා වළක්වමින් සිතේ ඇතිවන දැඩි මෙන්ම විනාශකාරී ලෝබය සහ ද්වේශය නිසා ඇතිවන  නිරිසත්, තිරිසන් හෝ ප්‍රේත භූත මට්ටමෙන් (සතර අපා මට්ටමින් ) නොපවත්වා, ඒවා මනුස්ස දේව සහ බ්‍රහ්ම ගති ආකාරයට සීමාකාරී අයුරින් පැවැත්වීම චේතෝ විමුක්තිය වේ. මේ දුක් පැවැත්ම සදහටම නැති කළ හැකි ඊට කැමති වන අයට තම චිත්තය එසේ පිරිසිදු කර ගැනීමට අමතරව තම මනස  පිරිසිදු කර ගනිමින් පූර්ණ ලෙස සියලු බැමිවලින් මිදීම හෙවත් නිබ්බාණය සඳහා මානයෙන් මත් වීමෙන් බරිත තමන්ට ගෝචර වන සියලු අරමුණු නිච්ච සුඛ අත්ත ලෙස මනින මෝහය සහමුලින් ගලවා ඉවත් කිරීම ප්‍රඤ්ඤා විමුක්තිය හෙවත් ලෝකෝත්තර තත්ත්වයයි.

නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.