fbpx
6.2 C
New Zealand
Wednesday, July 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

බෞද්ධ තෙමඟුල – වෙසක් | නිලුකා වේලාතන්තිරි | පාමස්ටර් නෝත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලොව්තුරු අමා මහ බුදුපියාණන් ගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිකර ගෙන ලොව පුරා බෞද්ධ ජනයා විසින් වෙසක් පොහොය සැමරීම සිරිතකි.

බක් මස අවුරුදු ආසිරිය නිමවී තුටින් සන්තර්ප වූ මනස සන්සුන් කර සමාධිමත් කර ගැනීමට මෙය මහඟු අවස්ථාවකි.

සිල් සුවඳ විහිදමින් මැයි මාසේ හමායන සිසිල් පවන් ඇඟ දැවටෙන ඕනෑම කෙනෙකුට හුදෙක් බෞද්ධයන් පමණක් නොව මුළු මහත් පරිසරයම මේ තෙමඟුලට සූදානමක්  ලෙස දැක්විය හැක.

තෙමඟුල සිහි කිරීමට බෞද්ධ ජනයා විසින් කරනු ලබන දාන සීල භාවනා යන ප්‍රතිපත්ති පූජා හා අනිකුත් ආමිස පූජා රැසක් ශ්‍රී ලංකාවේ  සිදුවුණත් නවසීලන්තය වැනි ලක්දිවින් සැතපුම් දහස් ගණනක් ඈතින් වාසය කරන අපට ඒ සඳහා  ඇත්තේ සීමා සහිත අවස්ථාවකි.

වීදි පුරා තොරණ් වෙසක් කූඩු ප්‍රදර්ශන හා  දන්සල් ආදිය විවිධාකාර   ආමිස පූජා  අතර ප්‍රධාන තැනක්  ගන්නා අතර සමහර ආමිස පූජාවන් කෙළවර වන්නේ කලහයකින්  වීම  අද සුලභ දර්ශනයක් වී ඇත.

බෞද්ධ දර්ශනයට අනුව ප්‍රතිපත්ති පූජාව වඩා උතුම් වන අතර ලොව කොතන වාසය කළ ද ඒ සඳහා යොමුවීමට අපට හැකියාවක් ඇත.

වේගයෙන් වෙනස් වන ලෝකය තුළ බාල, තරුණ, මහළු හැම දෙනෙකුගේම ජීවිතය ද වේගයෙන් වෙනස් වෙමින් පවතී. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව බොහෝ ලෝවාසීන් බුද්ධ දර්ශනයේ එන සරල සතිමත් දිවියකට මාර්ගය සොයමින් සිටිති.

බොහෝ බෞද්ධයෝ තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ කෙළවර අමා මහ නිවන උදෙසා මේ තෙමඟුල සිදුවූ දින සිල් සමාදන් වීමෙන් තමන්ටම ආවේණික වූ සමාධියක් සොයති.

සියලු ධර්මතා මුදලට යට වී සියලු සම්බන්ධතා තාක්ෂණයට පමණක් සීමා වී ඇති අදවන් යුගයක සතිමත් වූ සිතින් පවුලේ සියලු දෙනා සමග මේ වෙසක් මාසයේදී පන්සල් භූමියකට ගොස් අමා මහ බුදු හිමිගේ ගුණ සිහිකිරීම  කාලීන වෙසක් සැමරීමක් ලෙස මට හැඟෙයි.

 

නිලුකා වේලාතන්තිරි – පාමස්ටර් නෝත්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.