fbpx
6.1 C
New Zealand
Tuesday, September 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත ප්‍රජා පුවත්පත් සම්මන්ත්‍රණය – 2024 (New Zealand Community Newspapers Conference 2024) | අචලා නෙලුනිකා | ඕක්ලන්ඩ්

Must read

2024 මැයි මස 23 වන දින නවසීලන්ත ප්‍රජා පුවත්පත් සංගමයේ 2024 වාර්ෂික සම්මන්ත්‍රණය ඕක්ලන්ඩ්, හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත් විණ.

1959,  සතිපතා ගැමි ප්‍රදේශ කිහිපයක පළ වූ කුඩා පුවත් පත් කිහිපයක් එක් වී පටන් ගත් ‘නවසීලන්ත ප්‍රජා පුවත් සංගමය’(The New Zealand Community Newspapers Association Inc.) එම පුවත්පත් දියුණූ කිරීමට, උනන්දු කරවීමට, සහ එම ක්ෂේත්‍රයේ සම්මත ප්‍රමිතියක් ඇති කිරීමට කටයුතු කරයි.

විවිධ පුවත්පත් නියෝජනය කරමින් ආයතන කිහිපයක්  සහ අනුග්‍රහකවරුන්ගෙන් ශාලාවේ පිරී තිබුණි.  උදෑසන 8.30 සිට රාත්‍රී 10 වනතෙක් මෙම දීර්ඝ වැඩමුළුව පැවැත් වුණ අතර වත්මන් ආර්ථික, දේශපාලන, මාධ්‍යය, AI  වැනි නවීන තාක්ෂණයන්ගේ බලපෑම වැනි දේවල් පිළිබඳව විවිධ දේශකවරුන් යටතේ සාකච්ඡාවට භාජනය විය.

තවද ජනතාවට සමීපතම ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ පුවත්පත ( Community Newspapers) ලෙස අපගේ  ඇති වැදගත්කම සහ විශ්වාසවන්ත බව දත්ත ඔස්සේ පැහැදිලි කෙරුනි. එම වාර්තාකරණයේදී තිබිය යුතු ගුණාංග හා සමාජ වගකීම ගැන වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

New Zealand Media Council (NZMC) විසින් පුවත්පත් වාර්තාකරණයේ දී තිබිය යුතු තවත් මතක තබා ගත යුතු කාරණා  කීපයක් මෙසේ අවධානය යොමු කරන ලදී.

  • කිසියම් දේශපාලන පක්ෂයකට වාසිදායක වන ලෙස වාර්තා කිරීමෙන් වැළකීම.
  • ප්‍රචණ්ඩත්වය හෝ  වර්ණවාදී අදහස් ඉස්මතුවන කවි,දත්ත, ලිපි ලේඛන  ගැන අවධානයෙන් සිටීම / වාර්තා කිරීමෙන් වැළකීම (Violence & Racism)
  • වැරදි ප්‍රචාරණ සහ වැරදි මගපෙන්වීම් තොරතුරු පළ නොකිරීම (Misinformation & Misleading)
  • සාධාරණ සහ  අපක්ෂපාතී වාර්තාකරණය (Fair & Balance Reporting )
  • මැතිවරණයකදී කිසියම් පක්ෂයකට  වාසි වන ලෙස තොරතුරු පළ නොකිරීම.
  • කිසියම් පුද්ගලයෙකුගේ, විශේෂයෙන් දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස පින්තූර හෝ තොරතුරු දැමීමෙන් වැළකිම.
  • වැරදි දත්ත තොරතුරු වාර්තා නොකිරීම (Inaccuracy & Wrong Facts).
  • මත ප්‍රචාරණය කරන්නන්  (Opinion Writers)  පිළිබඳ අවධානය සහ එවැනි ලිපි ප්‍රචාරය නොකිරීම.

සවස ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත් විණි. වඩාත් හොද, නිර්මාණාත්මක අදහස, විවිධාංගය, ප්‍රජා සම්බන්ධතාවය, පිටු සැකැස්ම, දෛනික ජීවිතය, අලෙවිකරණය, මාතෘකාව, ක්‍රීඩා, කණිෂ්ඨ ජනසන්නිවේදන රචනය, ප්‍රවෘත්ති වාර්තාකරණය, ඡායාරූප හා මුල් පිටුව වැනි ඉසව්වල හොදම නිර්මාණ ඉදිරිපත් කිරීම තෝරා ගෙන ත්‍යාග ප්‍රධානය කෙරුණි.

මෙම  වැඩමුළුවට SrilankaNZ නියෝජනය කරමින් දයා ප්‍රතාපසිංහ සහ අචලා නෙළුනිකා සහභාගි වුහ.

 

වාර්තා කළා : අචලා නෙලුනිකා – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.