fbpx
5.6 C
New Zealand
Friday, July 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

“නවසීලන්තයේ හය මසක්” කෘතිය එළිදැක්වීම | අචලා නෙළුනිකා | ඕක්ලන්ඩ්

Must read

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ අවුරුදු විසිපහක පමණ අත්දැකීම් ඇති පරිණත ලේඛකයෙක් පරිවර්තකයෙක් වන ඔහු නමින් මනෝ ප්‍රනාන්දු. පාසල් නේවාසිකාගාරයේ රාත්‍රීන්වල ගුරුවරයෙක්ගෙන් ෂර්ලොක් හෝම්ස්  කතා ඇසීමේ පුරුද්ද පටන් ගත් ඔහු සාහිත්‍ය සහ පරිවර්තන වැඩ කටයුතුවලට කෙමෙන් යොමු  වී තිබෙනවා.

‘මගේ පළවෙනිම පොත රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ප්‍රමුඛ ප්‍රකාශකයෙක් මට මුණගැහුණ ඒ අතරතුර. Mary Stewart කියන ලේඛිකාවගේ Everyday life in Ceylon Cocoa State කෘතිය  “ලක්දිව කොකෝ මන්දිරය” කියලා මම පරිවර්තනය කරා. පාඨකයන් මාව හඳුනාගත්තේ ඒ  පරිවර්තන කෘතියෙන්.’

පරිවර්තන කෘතින්  බොහොමයක්  තියෙන ඔහුගේ Forrest life in Ceylon  පරිවර්තන කෘතියේ පළවෙනි වෙළුම ‘ලක්දිව වනසැරිය’  අද ලංකාවේ පස්වෙනි ශ්‍රේණියේ සිංහල කියවීම පොතක්. ඊට අමතරව 10 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍යය පොතෙත් මේ කෘතියම උපුටා දක්වලා තියෙනවා.

නවසීලන්තයේ හය මසක් ඔහුගේ නවතම කෘතියයි. එය 2024 මැයි මස හතර වනදා Newlands Community Centre හිදී  ජනගත කෙරුණි.

‘ 2015 දි තමයි මම මෙහෙට ආවෙ. එම  සංචාරයේ දී මට මෙහේ වාසය කරන  ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න අවස්ථාව උදාවුණා. එතනදි තමයි මට හිතුනේ ලංකාවේ ජීවත් වෙන අයට සහ නවසිලන්තයේ ජීවත් වන අයට වැදගත්වෙන පොතක් රචනා කරන්න. ඒ වගේම Katherine Mansfield කියන ලෝක ප්‍රසිද්ධ සාහිත්‍යකාරිනියගේ නිවස බලන්න යන්න මට අවස්ථාවක් උදාවුණා. ඒවගේම තවත් සුවිශේෂී පුද්ගලයන් ඇසුරු කරන්න අවස්ථාව මට ලැබුණා මේ ගමනේ දී.

නවසිලන්තේ ඉතිහාසය, අධ්‍යාපන ක්‍රමය,  විවාහ මංගල්‍යය, උපන්දින සාද වැනි උත්සව පැවැත්වෙන ආකාරයත් ස්වභාව සෞන්දර්ය, ප්‍රධාන ගංගාවන්, මාර්ග නීති සහ තවත් සංචාරක සටහන් තවත් වැදගත් බොහෝ තොරතුරු  මෙම කෘතියෙහි අන්තර්ගත වෙලා තියෙනවා.

සාකච්ඡාව සහ ලිපිය සකස් කිරීම – අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.