fbpx
8.3 C
New Zealand
Wednesday, September 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආචාර්ය අභිෂේක මංගල්‍යය: නවසීලන්තයේ පළමු වතාවට | අනූ වීරකෝන් | වෙලින්ටන්

Must read

ශ්‍රී ලංකන්ස් පුවත්පතට  සරත් ඍතුවේ දි නවසීලන්තයේ පළමුවරට  හින්දු සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවුණු ආචාර්ය අභිෂේක මංගල්‍යයකට සහභාගී වීමට ආරාධනාවක් ලැබීම අපි ඉමහත් ගෞරවයක් සේ සිතමු.

නවසීලන්තයේ ප්‍රථමවරට වෙලින්ටන්හි නිව්ලන්ඩ් හින්දු කෝවිලේ පුජා කටයුතුවල නිරත වූ පූජ්‍ය පද්මන් අයියර් මහතාට ‘සත්‍යෝජද ශිව ච්චාරියර්’ යන පදවිය උරුම වී සිවශ්‍රී පද්මනාද ගුරුක්කල් බවට පත්වීමට මෙම අභිෂේකයෙන් ආශිර්වාද විය.

දවස් කිහිපයක් පුරාවට වර්ණවත් මල්, සුවඳ දුම් සහ විවිධ  දේව වන්දනා ක්‍රමවේද තුළ මනා ශික්ෂණයකින් ක්‍රමානුකූලව  මෙම යාගහෝම සිදුකර තිබු බව පෙනුනි. වැඩිහිටි, බාල පරපුර එකට එකතු වී සාම්ප්‍රදායික පුද පූජාවල නිරත වු අතර එයින් වැටහුනේ දේව වන්දනාවේ ඇති හරයත් එහි වැදගත්කම බාල පරම්පරාව ද ඉතා හොඳින් වැළඳගෙන ඇති බවය.

ලැබුණු ආචාර්‍ය අභිෂේක් සමඟින්, මහා ආගමික වතාවත් සිදු කිරීමට සහ ප්‍රජාව සමඟ අධ්‍යාත්මික දැනුම බෙදා ගැනීමට පූජ්‍ය පද්මන් තුමාට බලය ලැබේ. හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමට බලාපොරොත්තු වන නවසීලන්තයේ වෙසෙන බොහෝ දෙනෙකුට එය ඉතා වටිනා පණිවිඩයක් වනු නොඅනුමානය.

හින්දු ඇදහිලි බහුලව සිදුවන රට වන ඉන්දියාවේ  ජලය විවිධ උත්සවවල කොටසක් වන අතර මෙම  ආචාර්‍ය අභිෂේක මංගල්‍යයේ ද මෙම සම්ප්‍රදාය සිදුවෙනු පෙනෙන්නට තිබුණි.

මෙම පූජාවන්හිදි මූලද්‍රව්‍ය පහක් අනුකලනය වේ.ඒ මූලද්‍රව්‍ය පහ වන්නේ හින්දු ජීවන රටාවේ. යාග ගින්න, යාගයේ දී පූජා කරන ලද මිහිකත ලෙස ධාන්‍ය,  දිව්‍ය සුවඳින් පිරුණු වාතය, වෛදික සජ්ඣායනාවලින් දෝංකාර දෙන වායුගෝලය,  දිව්‍ය ශක්තිය හුවමාරු වන   ජලයයි

පද්මන් දේවගැති තුමාට මේ ලැබුවා වූ නව තනතුර ඔස්සේ බොහෝ දෙනෙකුට දැනුම බෙදා දීමට සහ දේව පූජාවන් මනා ලෙස කර ගැනීමට අවශ්‍ය  ශක්තිය ලැබේවායි ශ්‍රී ලංකන්ස් පුවත්පතේ කණ්ඩායම ප්‍රාර්ථනා කරමු.

අනූ වීරකෝන් – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.