අප ජීවත්වන පෘථිවිය, පැයට කිමී. 1700ක පමණ වේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වී පැය 24ක දී එක් භ්‍රමණයක් සම්පූර්ණ කරයි. මෙම හේතුව නිසා පෘථිවියේ සෑම ප්‍රදේශකටම දිවා සහ රාත්‍රී කාලයක් ඇතිවන අතර එමගින් පෘථිවිය මත සත්වයාට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වේ. පෘථිවිය මෙසේ භ්‍රමණය නොවූයේ නම් එක් ප්‍රදේශයකට නිරන්තර දිවාකාලයක් පවතින අතර අනෙක් ප්‍රදේශය සදාකාලිකව අඳුරේ ගිලී පවතියි. එමෙන්ම වර්ෂයකට වරක් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණයවීම නිසා පෘථිවිය සහ සූර්යයා අතර පවතින සම්බන්ධය මගින් පෘථිවියේ පැවැත්ම තහවුරු වේ. මෙසේ සියලු ග්‍රහලෝක තම සූර්යයා වටා භ්‍රමණයවන අතර මෙම සෞරග්‍රහ මණ්ඩල සියල්ල තම ගැලැක්ෂිය සමඟ භ්‍රමණය වේ. පෘථිවිය මත පවතින සියල්ල පරමාණුවලින් නිර්මාණය වී ඇති අතර එම පරමාණු ද ඉලෙක්ට්‍රෝන, හයිඩ්රෝන වැනි ඉතා කුඩා අංශුවලින් සැකසී ඇත. ඉලෙක්ට්‍රෝනයක වේගය තත්පරයට කි.මී.2200ක් පමණ වේ යයි ගණනය කර ඇත.
ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අධ්‍යයනයට ලක්වන උප-පරමාණුක අංශු (subatomic particles) පරාසයේ දී අංශු හා ශක්තීන් යනු අවශ්‍යකරණ තත්වයන් යටතේ දී එකක් අනෙක බවට පරිවර්තනය කළ හැකි බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. මෙසේ සමස්ත විශ්වයම නිරන්තරයෙන් භ්‍රමණය වෙමින් පවතී. එනම් කිසිම රූපයක් නිත්‍යය වශයෙන් එකම ස්ථානයක නොපිහිටයි. කාලය ගතවීමත් සමඟ සමස්ථ විශ්වයේම පිහිටීම වෙනස් වේ. කිසියම් රූපයක් කාලයත් සමඟ වෙනස් වන්නේ නම් එම වෙනස නිර්ණය කිරීම සඳහා බලපාන සාධක කිහිපයක් ඇත.
- කාලය (time duration)
- රූපය (object)
- නිරීක්ෂකයා (subject or observer)
- නිර්ණය කිරීම (determine).
මෙහිදී කාලය යනුවෙන් අදහස් කරනු ලබන්නේ වේලාවන් දෙකක් අතර පරාසයයි. උදාහරණයක් ලෙස, පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය පැය 10 කි. මෙම කාලය තුළදී පෘථිවිය කි.මී. 17,000 ක් පමණ තම අක්ෂය වටා භ්‍රමණය වේ. පෘථිවිය මත සිටින සත්වයින් ඇතුලු සියලුම දේවල් මෙම වේගයෙන්ම භ්‍රමණය වුවද පෘථිවිය මත සිටින පුද්ගලයෙකුට මෙය නිරීක්ෂණය කළ නොහැක. එමෙන්ම නිරෝගී මිනිසෙක් තත්පරයකට වරක් ඇසිපිය හෙලන්නේ යයි උපකල්පනය කළහොත් එම කාලය තුළ දී ඉලෙක්ට්‍රෝනයක්, එය අන්තර්ගත පරමාණුවේ න්‍යෂ්ටිය වටා කි.මී. 2200 ක් පමණ භ්‍රමණය වේ. මෙම වෙනස ද පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැක. මේ කරුණුවලින් අවබෝධ කරගත යුතු වන්නේ සමස්ත විශ්වයම ඉතා අධික සීඝ්‍රතාවයකින් වෙනස්වන, පරිවර්තනය වන, අනිත්යයවන එහෙත් භ්‍රමණය මගින් ගතික සමතුලිතතාවයක (dynamic balance) පවතින පද්ධතියක් බවයි.
නූතන විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය (word view)
බාහිර ලෝකයට නිරන්තරයෙන්ම විවෘතව පවතින ඇස, කණ, නාසය, දිව සහ ශරීරය යන පංච ඉන්ද්රියයන් මාර්ගයෙන් මිනිසා බාහිර ලෝකය පිළිබඳව තොරතුරු ලබාගනී. මෙසේ ලබාගන්නා තොරතුරු විශ්ලේෂණයකර හඳුනාගන්නේ මොළය මගිනි. මෙසේ හඳුනාගත් ලෝකය හෙවත් බාහිර රූප පරිභෝජනයකර, භාවිතාකර තමාගේ ජීවිතය පවත්වාගෙන (maintain) යාමට අවශ්‍යකරණ දේ සපයාගනී. මිනිසා ඇතුලු සෑම සත්වයෙක්ම ජීවත්වන්නේ මේ ආකාරයටයි. සැප විඳිමින්, සුවසේ ජීවත්වීම සෑම සත්වයෙකුගේම ඒකායන බලාපොරොත්තුව වේ. නිරෝගී ඇසක් සහිත අවදියෙන් සිටින ඕනෑම පුද්ගලයෙකුට ආලෝකය ඇති නම් බාහිර රූප පෙනේ. එම සංඥා මොළය වෙත ගමන් කරන්නේ ස්නායු මාර්ගයෙනි. මෙලෙස බාහිර ලෝකය පිළිබඳව ලබාගන්නා තොරතුරු හඳුනාගැනීම දක්වා වන ක්‍රියාවලිය තුළ සෘජු සම්බන්ධතාවයක් දැකිය හැක. ඇසෙන් දකින බාහිර රූප, සංඥා වශයෙන් මොළය වෙත ස්නායු ආධාරයෙන් ලබාදෙන අතර මොළය විසින් එම තොරතුරුවලට අනුව රූපය පිළිබඳව තීරණයකට (determine) එළඹේ. අනෙක් ඉන්ද්රියයන් සතර සහ මොළයේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ ද මේ ආකාරයටමය. එසේ හඳුනාගත් රූපයට (මෙහිදී රූපය ලෙස සඳහන් කරන්නේ පංචේන්ද්‍රියයන්ට සංවේදීවන සියල්ලම වේ) ලස්සන-අවලස්සන, ප්‍රිය-අප්‍රිය, රසවත්-නීරස, ගඳ-සුවඳ, උෂ්ණ-ශීත ආදී වශයෙන් ගුණාත්මක අගයන් පනවන්නේ ද මොළය මගිනි. රූපයට පැනවූ මෙම අගය භාවිතාකර එම රූපය ස්පර්ශවීම නිසා ඇතිවන වේදනාව, සැප හෝ දුක් වශයෙන් තීරණය කරනු ලබන්නේද මොළය විසිනි.
බාහිර ලෝකය පිළිබඳව තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය කිරීම හෝ වෙනයම් ක්‍රියාවක් සඳහා මනසේ කිසිදු ආකාරයක දායකත්වයක් ඇතැයි සළකනු නොලැබේ. මෙම දත්ත විශ්ලේෂණ ක්‍රමවේදයට (methodology), යාන්ත්රනයට (mechanism) අනුව වේදනාව යනු නිරපේක්ෂ (absolute) අගයක් වේ. එනම් එක් ස්පර්ශයක සෘජු ප්රථිඵලයකි. මෙහිදී කාලය සමග වෙනස්වන්නේ බාහිර රූපය පමණක් වන අතර ඇස සහ මොළය (තම රූපය) නිත්යව පවතින්නේ යයි උපකල්පනය කරයි. මේ හේතුව නිසා තමා බලාපොරොත්තුවන තෘප්තිය හෝ සුඛ වේදනාව ලබාගත් රූපය භාවිතයෙන් නැවත නැවත එම සුඛ වේදනාව නොලැබෙන විට, බාහිර රූපය වෙනස් කරමින් සැප සෙවීමේ නිරර්ථක (ineffective) උත්සාහයක යෙදේ. බාහිර රූපයේ ගුණාත්මකභාවය සහ ප්රමාණාත්මකභාවය වැඩිකිරීම සඳහා නොයෙකුත් උත්සාහයන් ගනී. තාක්ෂණයන් දියුණු කරයි. ග්‍රහලෝක තරණය කරයි. විශ්වය සෑදී ඇති කුඩාම අංශුව සෙවීම සඳහා වෙහෙසෙයි.
මේසය මත තැබූ උණු තේ කෝප්පයක් හෝ ශීතල අයිස්ක්‍රීම් කෝප්පයක් කෙටි කාලයක් තුළ දී කාමර උෂ්ණත්වයට පත්වන වන ආකාරයටම බාහිර රූපයක් භාවිතාකර යම් සැපයක් හෙවත් සුඛ වේදනාවක් විඳින්නේ ද එම වේදනාව පවතින්නේ ඉතා කෙටි කාලයකි. යම් බාහිර රූපයක් භාවිතා කර සැප වේදනාවක් විඳින සත්වයා සුඛ වේදනාව පහව ගිය පසු එම රූපය භාවිතා කර නැවත පෙර විඳි සුඛ වේදනාවම අපේක්ෂා කරන්නේ නම් කිසිදා එය ලබාගත නොහැක. මෙසේ ශෝක කරන සත්වයා බාහිර රූපය වෙනස් කර නැවත සැපයක් විඳී. මේ නිසා ලෝකය සංවර්ධනය කර තෝරා ගැනීම (options) සඳහා විවිධ රූප නිර්මාණය කරයි.
එමෙන්ම තම රූපය නිරෝගීව පවත්වා ගෙන කායිකව නිරෝගී සම්පන්න වීමෙන් දුකෙන් මිදී සැපවත් ජීවිතයක් ගත කළ හැකි විශ්වාස කරයි. ලෝකය සතු සම්පත් දියුණුකර හෝ තම රූපය නිරෝගී සම්පන්නව පවතින තාක්කල්, බාහිර රූපය වෙනස්කර තාවකාලික සැපයක් විඳිය හැකිය. මෙසේ ජරාව (ageing) ඉවසීමට පුරුදුවන සත්වයා තමා දුකක් විඳින්නේ යයි නොදනී. ක්‍රමක්‍රමයෙන් තම රූපය ජරාවට පත් වී ව්‍යාධියට හෙවත් ආබාධිත තත්වයට පැමිණි පසු බාහිර රූපය වෙනස් කර හෝ සැප විඳීමේ හැකියාව පහව යයි. පළමුව ඇතිවන්නා වූ ශෝකය ක්‍රෝධය දක්වා වර්ධනය වන්නේ පුද්ලයා තුළ පවතින තණ්හාවේ ප්‍රමාණයට අනුලෝම වශයෙනි.
මෙම දෘෂ්ටියෙන් යුතුව ලෝකය ස්පර්ශකර සැප විඳීමට උත්සාහ කරන පුද්ගලයෙකුට දුකෙන් මිදිය නොහැකිවනවා පමණක් නොව ‘දුක්ඛ ආර්ය සත්‍යය’ කිසිදා අවබෝධ කරගත නොහැකිවනු ඇත. කොතරම් සම්පත් පරිහරණය කළ ද දුකෙන් මිදීමේ ක්‍රමවේදයක් මෙම දත්ත විශ්ලේෂණය තුළ නොපවතී. වේදනාව යනු ස්පර්ශයක සෘජු ප්රථිඵලයක් නම් ඉන් මිදිය හැක්කේ කෙසේද? ඉපදුන මිනිසා ජරාවට (ageing) පත්වීමත් සමග අතීතයේ මෙන් සැප වේදනාවන් නොලබන්නේ, දුක් විඳ මිය යයි. සත්වයා ජරාවට පත්වීමෙන් මුදවාගැනීමේ හැකියාවක් මෙම නූතන විද්‍යාවන් සතු නොවේ. මක් නිසාද යත් මේ සියල්ල කාලයත් සමග වෙනස්වන, අනිත්යයවන හෙයිනි. ‘විද්‍යාව’ ලෙස සම්මතයේ භාවිතා කරන සියලුම විද්‍යාවන් මේ ආකාරයට ‘අවිද්‍යාවන්’ වන අතර ඒ සියල්ල යම්කිසි කාල වකවානුවක් තුළ දී සීමිත පරාසයකට පමණක් වලංගු වේ.
‘මියගිය සත්වයෙක් නැවත උපදින්නේ නැත’ යන දෘෂ්ටියෙන් යුතු මිනිසා බාහිර ලෝකයේ සම්පත් දියුණුකර සැප විඳිය හැකි යයි විශ්වාස කරයි. මරණයෙන් මතු උත්පත්තියක් ඇතයි සිතන එහෙත් චතුරාර්ය සත්‍යය නොදන්නා මිනිසා පින්කම් කර මතු උපදින භවයේ දී බොහෝ සම්පත් භාවිතා කර සැප විඳීම සඳහා දෙව්-මිනිස් සැප ප්‍රාර්ථනා කරයි.
මහා චත්තාරිස්සක සූත්‍රයේ, අංග විස්සකින් විස්තර කළ මිච්ඡා දෘෂ්ටියට අයත් සියලුම පුද්ගලයන් සහ අංග දහයකින් හඳුන්වාදෙනු ලැබූ ලෞකික සම්මා දෘෂ්ටියට අයත් සියලුම පුද්ගලයෝ ද මෙම කණ්ඩායමට අයත් වෙති. සත්වයාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව නොදන්නා මෙම පුද්ගලයෝ, සංස්කාර කරමින් කිසිදා පවත්වා ගෙන යා නොහැකි සැප සොයත්.
ජී. එස්. ගුණරත්න – ඕක්ලන්ඩ්