ශීත ඍතුවේදී නිතරම අපි කරදර වන දෙයක් තමයි මේ සෙම (phlegm) කියන්නේ.
- ඇත්තටම මොනවද මේ සෙම කියන්නේ ?
- ශරීරයේ කොහෙද මේ සෙම තියෙන්නේ ?
- එකපාරටම මේ සෙම ගතිය ශරීරයේ වැඩි වෙන්නේ ඇයි ?
- කොහොමද මෙහෙම ශරීරයේ සෙම හැදෙන්නේ ?
මේ කාලයේදී අපි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලු තමයි මේ. එහෙමනම් අපි අද කතා කරමු. සෙම් රෝගවලට හේතු වන සෙම ගැන.
‘සෙම’ එහෙමත් නැත්නම් සංස්කෘත භාෂාවෙන් ‘ශ්ලේශ්මල’ ලෙස හැඳින්වෙන ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී ‘කඵ’ ලෙස හැඳින්වෙන මේ පදාර්ථය ශරීරයේ තිබිය යුතු සමතුලිත මට්ටමේ ඇති විට ධාතුවක් ලෙස ක්‍රියාකරයි. එවිට ශරීරයේ ශක්ති පදාර්ථයක් හා ව්‍යුහමය පදාර්ථයක් ලෙස ශරීරයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරමින් ශරීරය නීරෝගීව තබයි.
නමුත් මෙම සෙම ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි වුවහොත් හෝ අඩු වුවහොත් ශරීරයේ රෝගීතාවයට හේතු සාධක වේ. ප්‍රධානවම ශරීරයේ ප්‍රතිශක්තිකරණයට හානිකරයි.
මෙම සෙම පදාර්ථය අධික ලෙස වැඩි වූ විට හෝ ප්‍රකෝප වූ විට එය මළ පදාර්ථයක් බවට පත්වෙයි. මේ අවස්ථාවේ දී එම ශ්ලේෂ්මල ශරීරයෙන් බැහැර කළ යුතුවේ නැතිනම් එයද පසු කාලීනව නොයෙකුත් රෝගවලට හේතු සාධක වනු ඇත.
මෙම ශ්ලේෂ්මල පදාර්ථයේ ගුණ කිහිපයක් ලෙස ස්ථිර දත්බව, ශීතගුණය , මන්දගාමී බව දැක්විය හැකිය.
මේ නිසාම තමයි ශීත ගුණය වැඩි ශීත ඍතුවේදීත් සෑම දිනකම උදය කාලයේදීත් ශරීරය තුළ සෙම ලක්ෂණ වැඩිපුර පෙන්නුම් කරන්නේ.
ශරීරයේ සෙම් ගතිය වැඩි වූ විට පහත ලක්ෂණ පෙන්නුම් කරයි.
උදාහරණ ;
- උගුර, නාසය, කන්, ඇස් කැසීම.( itchiness of throat, nose & ears )
- හිසේ ඇතිවන බර ගතිය. ( heaviness of head )
- නිතර සොටු දියර ගැලීම. ( runny nose )
- නාසය සිරවීමෙන් හුස්ම ගැනීම සීමා වීම. ( nasal block and shortness of breath )
- හතිය. (wheezing )
- වියළි කැස්ස / සෙම් කැස්ස. (dry cough / productive cough )
- රස, ගඳ, සුවඳ නොදැනීම. ( loss of sensation of tastes and smell )
- ජ්වර ( fever )
ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබේ නම් ඔබෙත් ශරීරයේ සෙම් ගතිය වැඩි වී ඇත. මේ මූලික අවස්ථාවේ දී පහත සඳහන් පරිදි ඖෂධ භාවිතා කිරීමෙන් මේ සෙම් ගතිය නිසි පරිදි ඔබටම ගෙදර දී අඩු කරගත හැකියි.
- දිනකට දෙවරක් උදේ හවස කබලේ බැද කුඩු කර ගත් කොත්තමල්ලි ඇට සමග ඉඟුරු තම්බා පානය කිරීම.
(කොත්තමල්ලි /coriander 3 : ඉඟුරු /ginger 1) Ratio
- හුමාලය ඇල්ලීම ( Herbal steaming )-හුමාලය සඳහා භාවිතා කරන ඖෂධීය වතුර :
- වතුර ලීටර් 01 ( water 01L)
- කොත්තමල්ලි ඇට මේස හැඳි 02 (Coriander seeds 02 tablespoons)
- ලුණු මේස හැඳි 01 (Salt 01 table spoon)
- අමු කහ කුඩා කැබලි කිහිපයක් (Turmeric few pieces)
- ගම්මිරිස් ඇට මේස හැඳි 01 (pepper seeds 01 tablespoon)
- දෙහි කොළ කිහිපයක්. (lime leaves)
- දෙහි ගෙඩි කැබලි කිහිපයක්. ( lime slices)
- ඉඟුරු කැබලි කිහිපයක්. (ginger pieces)
- පොට්ටනි තැවිල්ල- කොත්තමල්ලි ඇට, අමු කහ, ඉඟුරු, සුදුලූණු, දෙහි කොළ හොඳින් කොටා අමු රෙද්දක ඔතා පොට්ටනියක් ලෙස සාදාගන්න.
ඉහත සඳහන් කළ පරිදි සාදාගත් බෙහෙත් පොට්ටනිය හුමාලයෙන්ම තම්බා පහත රූපයේ සඳහන් ස්ථාන හොඳින් තවන්න. මෙම ප්රතිකර්මය විනාඩි පහළොවක් පමණ සිදු කරන්න.
පසුව ඉහත සඳහන් කළ ඖෂධීය වතුර සාදාගෙන පහත පින්තූරය පරිදිම තුවායකින් හෝ ඝණකම් රෙද්දකින් හොඳින් වසා ගෙන විනාඩි පහළොවක් පමණ හුමාලයේ අල්ලන්න. මෙහිදීම ඝණකම් රෙදි පටියකින් හෝ පුළුන් කවර දෙකකින් ඇස් ආවරණය කර තැබීම කළ යුතුය.
නිතරම ඇතිවන වියළි හෝ සෙම් කැස්ස සඳහා ඉඟුරු කුඩා කැබලි සීනිවල දවටා කැස්ස එන විට කෑමට ගැනීම ඉතා සුදුසය.
ඉහත සඳහන් ප්රතිකාරවලින් ශරීරයේ වැඩි වී තිබුණු ශ්ලේශ්මල ශරීරයෙන් බැහැර කරයි. මෙම ප්‍රතිකර්ම නොකඩවා දින හතක් පමන යනතුරු එක දිගට ප්‍රයෝග කිරීමෙන් ඔබේ සෙම් ගතිය අඩුබවී ගෙන යනු ඇත.
මේ අවස්ථාවේ දී වැඩි වූ ස්ලේෂ්මල ශරීරයෙන් බැහැර නොකර නියමිත මාත්‍රාවකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කර දීර්ඝ කාලීනව සෙම වියළීමට ලක්කිරීමෙන් පසුකාලීනව ඉරුවාරදය ඇති විය හැක.
මේ ප්රතිකර්මවලට සෙම ගතිය අඩු නොවී දිගින් දිගටම වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඔබේ ශරීරය කඵ ප්රකෘතික ශරීරයක් විය හැකියි. එසේත් නැත්නම් ඔබේ එදිනෙදා ජීවන රටාවේ හා ආහාර රටාවේ කඵ වර්ධක චර්යාවන් තිබිය හැක. දිගින් දිගටම මෙලෙස මෙම සෙම තත්ත්වයන් පවතී නම් පහත පරිදි සෙම් ප්‍රකෝප ලක්ෂණ ඇතිවෙයි.
- සෙම කහ පැහැ දුඹුරු පැහැ වීම. (Brownish colour phlegm )
- රස ගඳ සුවඳ සම්පූර්ණයෙන්ම නොදැනීම.(Loss of sensation of smell and tasting )
- හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක් ඇතිවීම / හුස්ම කෙටි වීම / හුස්ම හිරවීම (Pneumonia / Wheezing )
ඉහත අවස්ථාවේ දී ඔබ අනිවාර්යයෙන්ම ආයුර්වේද හෝ ඇලෝපතික වෛද්‍යවරයෙකු හමුවී නිසි ඖෂධ ලබාගත යුතුය.
සෙම් රෝගීන් ඇතැම් විට අප විසින් සුළු කොට තැකුවත් මෙම සෙම් රෝගවලට නියමිත පරිදි ඖෂධ ලබා නොගත්විට පසු කාලීනව ඇතිවිය හැකි රෝග ලක්ෂණ සහ රෝග බොහොමයක් ඇත. මේ අතුරින් බහුලව Sinusitis සහ Migraine එහෙමත් නැත්නම් ඉරුවාරදය කියන රෝගී තත්ත්වයන් සඳහන් කළ හැක.
එහෙමනම් මේ ශීත ඍතුවේදී සෙම් රෝගවලින් වැළකීමට අද අපි කතා කළ කරුණු බොහෝ වදගත් වේවි. සියලු දෙනාටම නීරොගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.
වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා – ඕක්ලන්ඩ්
Dr.Nilakshi Lenora
BAMS(Hon-Colombo), Guest Lecturer in University of Canterbury
Pancha Karma and Yoga Practitioner-(Registered in NHPNZ(2970))
CEYLON AYURVEDA , Unit 8/3 Pacific Rise, Mt Wellington.
022 3055 824- www.ceylonayurveda.co.nz