fbpx
13.2 C
New Zealand
Friday, October 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්වර්ණ පවුර 08 – තැප්‍රොබේන් මූල්‍ය ආයතනය | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Taprobane Finance – Experts in Mortgages and Development Finance

නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව  20,000කට මඳක් වැඩිය. ප්‍රතිශතයක් ලෙස ලොව විවිධ ජාතීන් සංක්‍රමණය වන රටක අප ඉතා සුළුතරයක් බව කිවයුතු නැත. නමුත් ලාංකික දරුවන් අධ්‍යාපනය තුළත් රැකියා ස්ථානවලත් දක්වන සහජ දක්ෂතා එම ප්‍රතිශතයන් අභිබවා යන අවස්ථා එමටය. අද අප කතා කරන මාතෘකාවද එවැන්නකි. 

නවසීලන්තයේ  බැංකුවකින් ණයක් නොගෙන ගෙයක් දේපලක් මිලදී ගන්නා අය බෙහෙවින් අඩුය. තම ණය අවශ්‍යතා ගැන සාකච්ඡා කිරීමට බැංකු ශාඛාවකට යනනේ නම් කලින් වෙලාවල් වෙන් කරවා ගෙන බැංකුවලට යාමට යාමට ගනුදෙනුකරුවන්ට සිදුව ඇත.

එසේ නොමැතිව ඔවුන් බැංකුවලට නොගොස් බ්‍රෝකර් ආයතන මාර්ගයෙන් තම ගිණූම ඇති බැංකුවෙන් අමතර ගෙවීමකින් තොරව එම ණය ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමය බවට පත්ව ඇත. මෙවැනි බ්‍රෝකර් ආයතනයක හෙවත් මුල්‍ය සමාගමක සහායෙන්  පැය 24ක් තුළ වුවද ණයක් ලබා ගැනීම ඇතැම්විට පහසු කටයුත්තකි. ගනුදෙනු කරුවන්ගේ පහසුව සදහා මෙවැනි බ්‍රෝකර්වරු 8000 කට වැඩි ප්‍රමාණයක් නවසීලන්තය පුරා සිටිති.

ණයක් ලබා ගැනීමේදී බ්‍රෝකර්වරයෙක් සමග කටයුතු කිරීමෙන් ලබාගත හැකි වාසි ප්‍රමාණය අතිවිශාලය. එතරම් කල් ගැනීමක් නොමැතිව තමන්ට පහසු වෙලාවක, තම ගිණුම පවතින ශාඛාවකින් ණය පහසුකමක් ලබා ගැනිමට, මෙම බ්‍රෝකර් ආයතන ගනුදෙනුකරුට උපකාර කරයි. එහිදී සුහදව තම අවශ්‍යතාවය විවේකීයව සාකච්ඡා කර අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමටත් ණය මුදල අනුමත කරවා ගැනිමටත් මෙම ආයතනවලින් අගනා සහායක් ලැබෙයි.

මෙවන් පසුබිමක ඉතා කුඩා ලාංකික ප්‍රජාවක් නියෝජනය කරන තරුණයකු 2024 වර්ෂයේ නවසීලන්තයේ පැරණි අත්දැකීම් ඇති සමාගම් අතර 15 වන ස්ථානයට  පත්වීම විශිෂ්ට කරුණකි. ඒ සඳහා ඔහුට අවශ්‍ය වූයේ වසර තුනක කාලයකි. අද අප කතා කරන්නේ ඔහු සමගය.

ඔහු නමින් දිමුතු ලියනගේ වෙයි. ලංකාවේ විදේශ හා දේශීය බැංකු කීපයකම ණය ලබාදීම් අංශවල සේවය කළ ඔහු නවසීලන්ත පදිංචියට එන්නේ 2009 අවුරුද්දේය. ඔහු නවසීලන්ත ලින්කන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් සඳහා ඇතුලත් වීම එයට හේතුව වීය. සරසවි අධ්‍යාපනයෙන් පසු විවිධ දුෂ්කරතා මැද විවිධ රැකියා කළ ද ඔහුගේ  සිතට හරියන රැකියාවක් ඒ වනවිට ලැබී නොතිබුණි.

තම නවසීලන්ත වීසා අවසන් වන්නට ඔන්න මෙන්න තිබිය දී ඔහු නැවත ලංකාවට යන්නට සිදුවී තිබිණ. 2011 වසරදී ඔහුගේ තීරණාත්මක දිනය උදාවීය. වාසනාවකට වෙලින්ටන් අග නගරයේ ප්‍රධාන සමාගම සහකාර කළමනාකාර තනතුරක් ලැබීමත් සමග ඔහු  නවසීලන්ත පුරවැසියකු වීමේ මුල් පියවර තැබීය.

ඉන්පසු නැවත තමන්ට හුරු පුරුදු බැංකු රැකියාවට අවතීර්ණ වූ ඔහු  දිගින් දිගටම යෙදුණේ  ගනුදෙනුකරුවන්ට බැංකුවලින් ණය ලබාදීමේ කටයුතුවලටය. නවසීලන්ත Kiwibank, Westpac, BNZ වැනි බැංකුවල සේවය කරන කාලය තුළ විවිධ ණය දීම් හා රක්ෂණය පිළිබඳව වෙලින්ටන් හා ඕක්ලන්ඩ් නගර ප්‍රධාන කර ගනිමින් නවසීලන්ත අත්දැකීම් ගොන්නක් තම වෘත්තීයට ඔහු එක් කර ගත්තේය.

ලාංකික ජනතාව හා විවිධ ජාතීන් සමගද සමීප සම්බන්ධතා ගොඩනැගීමට එම සේවා කාලය තමාට වැදගත් වූ බව දිමුතු සිහිපත් කළේය. මෙම කාලය අතර තුර ඔහු  2018 වර්ෂයේ දී නවසීලන්ත ව්‍යාපාරික බ්‍රෝකර්වරයකු සඳහා අවශ්‍ය වන සහතිකය ලබා ගත්තේය.  එම පියවර නවසීලන්තයේ මෙතරම් ඉක්මනින්  දියුණුවන බ්‍රෝකර් ආයතනයක ආරම්භය යැයි  දීමුතු එදා නොසිතන්නට ඇත. 2020 වසර අගදී ඔහු තම Taprobane  Finance නම් බ්‍රොකර් සමාගම ඕක්ලන්ඩ්හි පටන් ගත්තේය.

පළමු වසරේදීම නවසීලන්ත Astute NZ ආයතනය මෙහෙයවූ සම්මාන උළෙලේ ඉතා වේගයෙන් දියුණුවන බෝකර් කෙනෙකු ලෙස සම්මානයක් හිමිකර ගැනීමට මෙම කුළුඳුලෙන් ආරම්භ වූ තරුණයා සමත් වීය.

‘මුළු ලොව ගිලගත් කෝවිඩ් වසංගතයෙන් මුළු නවසීලන්තය ද අඩපන වී දිගින් දිගට රටම වැසී ගිය එම වසරේ මෙම පුංචි සමාගම දළු ලා දහසක් දුෂ්කරතා මැඩ ගෙන ඉදිරියට එන්නට හැකි වුණේ කොහොමද? ‘ ඔහු හා කළ සාකච්ඡාව අතරතුර මම ඇසුවෙමි.

‘එකක් තමයි  නවසීලන්තය පුරා මෙම විෂය පිළිබඳව මට තිබුණු අත්දැකීම් මෙන්ම විශ්වාසය සහිත ගනුදෙනුකරුවන් රාශියක්  මා වටා ඒවන විටත් ගොනුව තිබීම. ඒ වගේම සේවාදායකයින් පිරමීඩයක් වගෙ කටින් කට මගේ සමාගම ගැන කළ රෙකමදාරුව. මොකද  ඒ කාලයෙ මම  වෙළඳ දැන්වීමක්වත් දැම්මෙ නෑ. නිවාස ණය රක්ෂණ වගේ කටයුතුවලට ගනුදෙනුකරුවන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේත් නැහැ.’ ඔහු පැහැදිලි කළේ ය.

‘ඊට අමතරව?’ මම තව දුරටත් විමසා සිටියෙමි.

‘මාත් එක්කම  බැංකුවේ එකට වැඩ කළ  අවුරුදු 26 ක පළපුරුද්දත් එක්ක දක්ෂතා තිබුණ වෘත්තිකයෙක් වුණ Waiena Peehikuru රස්සාවෙන් අස්වෙලා මම ආරම්භ කළ සමාගමට එක්වීම තවත් කාරණයක්. ඒක මගේ ඉදිරි ගමනේ එක සන්ධි-ස්ථානයක්.’ ඔහු ඇයට ස්තුති පූර්වකව කීවේය.

‘ඔව්. ඒක විශේෂ කාරණයක්. ඔබගේ සමාගම මේ කෙටි කාලයේ  ඉතා වේගයෙන් ඉදිරියට එන්න තව හේතු තියෙන්න ඇති.’

 

‘කෝවිඩ් නිසා මගේ කාර්යාලයක් ඕක්ලන්ඩ් නගරයේ පිහිටුවන්න බැරි වුණත් 2022 වෙන කොට  ඕක්ලන්ඩ් එප්සම්වල අංක 64, Great South Road කියන ස්ථානයේ මගේම කාර්යාලයක් විවෘත කරන්නට හැකිවීම මගේ ගමන් මග කලඑළි කරන්න හේතුවුණා. ඒ වගේ ලංකාවේත් නවසීලන්තයේත් සමාජශීලී ක්‍රියාකාරියකු හා ජේෂ්ඨ විධායක නිලධාරියකු වන වසන්ත මාරසිංහට මම කළ ආරාධනය පිළි අරන් අපේ සමාගමට එක්වීමත් තවත් වැදගත් සිද්ධියක්.’ දිමුතු පැහැදිලි කළේය.

‘ඔබ බ්‍රෝකර් කෙනෙකු විදිහට සම්මාන හෙමත් ලබාගෙන ඇති නේද?’ මම වැඩිදුරටත් අසා සිටියෙමි.

‘ඇයි නැත්තේ 2022, 2023 ,2024 පිට පිටම නවසීලන්තයේ Top Mortgage Adviser කෙනෙක් විදිහට සම්මාන ගත්තා. තව අපේ  සමාගම 2022, 2023 , 2024 වර්ෂවල Top Brokerage of the Year, NZ වෙන්න හැකි වුණා. අපි ලබාගත්තු තවත් සම්මාන ගැනත් කියන්න පුළුවන්.’ ඔහු කීවේ ජයග්‍රාහී සිනහවකින් මුහුණ ආලෝකමත් කරගෙන මෙන්ය.

‘අපිටත් ආඩම්බරයි ඔබ කෙටි කාලයකින් ඉතාමත් වේගයෙන් දක්ෂතා කලඑළි දැක්වීම් ගැන. මොනවද ඔබ මේ අත්දැකීම් මැද ලාංකික ප්‍රජාවට දෙන පණිවිඩය?’ මම අසා සිටියෙමි.

‘ලාංකික ප්‍රජාවට තම මව්බසින් හෝ ඉංග්‍රීසි බසින් අපට නිවාස ණයක් හෝ ඕනෑම රක්ෂණයක් විස්තර කර දෙනවා විතරක් නෙවෙයි කිසිදු ගෙවීමක් නැතිව අපගේ කාර්යාලයට පැමිණ දින කීපයකින් රස්තියාදුවක් නැතිව වැඩය අප ලවා කරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගනුදෙනුකරුවා ළඟට ගිහිල්ලා හරි අපේ කටයුත්ත ඔවුන්ට ඉතා පහසුවෙන් ඉටු කර දෙනවා.

‘ණය මුදල ලබා ගැනිමෙන් පස්සෙත් ඒ ණය  මුදල ගෙවීමේ පැන නගින ගැටළු නිරාකරණය කර ගැනීමට, ප්‍රමාණය වැඩි කර ගැනිමට, කලින් කළ වෙනස් වන පොලී අනුපාතයන් වඩාත් වාසි ආකාරයට ස්ථාපිත කර ගැනීමට අයකිරීමකින් තොරවම ගනුදෙනුකරුට අපි සහාය වෙනවා,’යි කියමින් ඔහු තම පණිවිඩය ඉදිරිපත් කළේ ය.

ඒ වන විට වසන්ත මාරසිංහත් අපට මුණ ගැසීමට හැකිවීම ඉතා සතුටට කරුණක් වීය. ‘කොහොමද වසන්ත තැප්‍රොබේන් සමාගමේ වැඩ කටයුතු?’ අතට අත දෙන ගමන් මම විමසුවෙමි.

‘හරි වේගයෙන් නවසීලන්තය පුරා ජනප්‍රිය වන ලාංකීය සම්භවයක්  තියන සමාගමත් විදිහට තමයි මම මේ සමාගම දකින්නේ. තම සේවා දායකයන්ගේ අවශ්‍යතා නිවැරදිව අඳුරා ගෙන ඒ අයගේ  අවශ්‍යතාවයන් උපරිම විදිහට ඉටු කරදීමේ හැකියාව තමයි අපේ විශේෂත්වය. ඒ ඒ බැංකු ණයවල ප්‍රතිපත්තිත් ඒවාත් එක්ක බැඳුණු ණය පහසුකමුත් එකිනෙකට වෙනස්. ඒ ඒ ණය වර්ග අතරින් සේවා දායකයාට වඩාත්ම ගැළපෙන සහ වාසිදායක ණය පහසුකම තෝරා  දෙන්න පුළුවන් පළපුරුදු දක්ෂ කණ්ඩායමක් අපට ඉන්නවා. අවුරුදු තිහකට වඩා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදිත්  ක්‍රියාත්මක කිරීමේදීත් මම ලබල තියන අත්දැකීම් මේ සඳහා උපයෝගී කරගන්නවා.’ ඔහු විස්තර කළේය.

‘තව මොනවද ඔබ කරන විශේෂ සේවාවන්?’ මම ඇසුවෙමි.

‘තව බොහොමයක් කියන්න පුළුවන්. අපේ වෙබ් එකට ගියාම  විස්තර තියෙනවා. විශේෂයෙන්ම ඉහළ බැංකු පොලී අනුපාතවලින් පීඩා විඳින අපේ පාරිභෝගිකයන්ට අඩු පොලියක් විතරක් නෙවෙයි Cashback ලබා දීමට පසුගිය තුන්මාසය තුළ අපට හැකිවීම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතාම තෘප්තියක්.  ජීවිත හා වෛද්‍ය රක්ෂණ  (Life & Medical Insurance) වෙනමම පටන් ගත්තා. එහි වගකීමට සානු සිද්ධාර්ත් (Sanu Siddharth) පත්කර තිබෙනවා.’ වසන්තගේ මුහුණේ ආත්මවිශ්වාශය ගැන සතුටක් පිළිඹිඹු වුණා යැයි මම අනුමාන කළෙමි.

 

‘විශේෂයෙන් ඔබ නවසීලන්තය පුරා විවිධ ජන කොටස් ඇසුරු කරනවා. ඒ අත්දැකීම් ඔබට මෙම වෘත්තියට උදව් වෙනවා ඇති නේද?’ මම මගේ කෙටි ප්‍රශ්නය ඔහු හමුවේ තැබුවෙමි.

‘මම නවසීලන්තයට ඇවිල්ලා වෙලිංටන්වල දී පශ්චාත් උපාධිය ඉවරවන කොටම  2004 වසරේ Ministry of Social Development ආයතනයක ව්‍යාපෘති උපදේශක තනතුරත් ලැබෙනවා. ඊට පස්සේ 2013 දී ඕක්ලන්ඩ්  එන්නේ දේශීය කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ (Department of Internal Affairs) උපදේශක තනතුරක් ලැබිලා. විශේෂයෙන් ප්‍රජා කාණ්ඩ එක්ක කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නයි මට පැවරුනේ. ඇත්තටම විවිධ කොමිටි ව්‍යාපෘති කිරීම වගේම අපේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකි වෘත්තියක යෙදීමත් මට තෘප්තියක්.’

‘ශ්‍රී ලාංකීය ප්‍රජාව ගැන ඔබට ඇති අත්දැකීම් මොනවද?’ මම තවත් ප්‍රශ්නයක් යොමු කළෙමි.

‘මම හැමදාම තෝරා ගත්තේ අපේ ජනතාව සමග කිට්ටුවෙන් කරන රැකියාවන්. විවිධ තනතුරු අතර මට ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස ලංකාවේදි සේවය කිරීමට ලැබීම භාග්‍යයක්. රැකියාවට අමතරව අනිත් කාලයත් සමාජ සේවා කටයුතු සඳහා වැඩිපුරම යොදා ගන්නේ. වෙලිංටන්වල දී Sri Lankan Association of New Zealand එකේ සභාපතිවෙලා හිටියා. ඕක්ලන්ඩ්වල දී New Zealand Sri Lankan Buddhist Trust (Sri Lankaramaya) එකේ උපසභාපති වෙලා හිටිය. ඒවගේම දැනට Sri Lankan Cricket Club (Auckland) සහ Kiwi Sri Lankan Charitable Trust එකේ සභාපතිවරයා වශයෙන් මට පුළුවන් දායකත්වය අපේ ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙනවා.’ ඔහු පැවසීය.

ලාංකික සමාජය සමග කුළුපගව කටයුතු කරන වසන්ත ජනප්‍රිය චරිතයකි. ඔහු හඳුනන ලාංකිකයන් බොහෝ අය ඔහුව සොයා එන්නේ විශ්වාසවන්ත නිසාය. ඔහු  තැප්‍රොබේන් ආයතනයට මහත් වත්කමකි.

දිමුතු ලියනගේ සමග එක්ව සමාගමේ දියුණූවට විශාල දායකත්වයකින් සහාය වන සමාගමේ අධ්‍යක්ෂකවරියක් ද වන ඔහුගේ බිරිඳ මධු කුලසුරිය ද මෙම සාකච්ජාවට සහභාගි වුවාය. දිමුතු කොළඹ ඉසිපතන හා ශාන්ත පීටර් විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

කුසුම් එදිරිසිංහ – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.