සුදු පිරුවට ඇඳන්
මල් ගොඩකුත් අරන්
පිරිකරත් බොහෝ ගෙන
පිරිසක් එයි පන්සලට…….
ටික දෙනෙක් සිල් අරන්
පන්සලේ බුදු මැදුරේ
සොයයි සුවයක් නිහඬව …………..
කලබලයි ආ පිරිස
සැරසෙයි හවස පින්කමට…..
හමාරයි සිල් හවස
ගිලන්පස
සිල් ඇත්තන්ට පිළිගැන්වීම
වුනානම්……..
අපමණයි
පිනේ මහිම
ලොකු පින්කම් වලට වැඩිය.
නිලුකා වේලාතන්තිරි
පාමස්ටන් නෝර්ත්