ටිලිං ටිලිං ටිලිං ටිලිං
පියන් ආවා හැන්දැකරේ
මරණයක්ද? ඉලව්වක්ද?
හත්වලාමේ කියවනකොට
ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන්
රැකියාවට එන්න කියලා
එක දවසට හෙන පඩියක්
රුපියලේ ඒවගෙන්
නවයක්ම ගෙවනවලු
තිහෙන් වැඩිකෙරුවා
තිස් එකෙන් වැඩි කෙරුවා
රෑ තමයි හරියටම
මොළේ මට පෑදුනේ
වැඩි කෙරුවා විස්සකින්
නරකමත් නෑ හැබැයි
දෙවසරක පුහුණුවක්
වසරක්ම වැඩබිමක
හරියටම මහ කොළඹ
ඉතින් ඊට පස්සේ …
ඔව් සර් නැහැ සර්
හරියටම හරි සර්
ඒ මදිවට…
මැති ඇමති ගොල්ලන්ගෙ
ලැබුන හැටි දෙස්දෙවොල්
ඒ අස්සේ වරින්වර
දුන්න නිදහසට ලිපි
දෙපාරක් ඉහළටත්
දෙපාරක් පහළටත්
වසර හතලිහ පුරා
ගෑටුවා මතකයිනේ
සේවයට ස්තුතියි
සැරසෙන්න නික්මෙන්න
ඉතිරි වැඩ කරගන්න
අපෙන් මේ සුභපැතුම්
ගෙදර ගිහිනුත් අනේ
ඉන්න නැහැ පාඩුවේ
ලැබුනනේ ප්‍රමෝෂන්
“ජ්‍යෙෂ්ඨ පුරවැසියි” කියලා
By Sagara Wickramasinghe | Rangiora – Canterbury