උණු කඳුලු බිඳු මිදුණු
රුදු සීත කල ගෙවී
තවත් වස්සානයක්
හෙමි හෙමින් ඉපදිලා…
නුඹෙ සිනහ දෝරෙ ගිය
ගෙවුණු ඒ වසන්තය
සිහි නගන මල් කැකුලු
තුරු අගින් පීදිලා…
එදා මෙන් අදත් ඒ
මල් අතර සැරූයෙමි
එහෙත් හදවත නුඹේ
මතක මැද තනිවෙලා…
නුඹෙ සුවඳ පුරුදු ඒ
හැම මලක් ගානේම
නුඹ කොහේ ගිහින්දැයි
විමසද්දි මුමුණමින්…
මල් අතර මලක් වී
ගුණ සුවඳ විහිදමින්
ලබැඳි හදවත් අතර
නුඹ තවම හිඳින වග
කොහේවත් නොගිය වග
පැවසුවෙමි පිළිවදන්
සුසුම් වැල් සඟවමින්…
By Chethana Wickramasinghe – Wellington